හැලෝ…..කවුද කතා කරන්නේ…..!


.


මේ සිද්දිය සිදු වුනේ පසුගියදා පැවති අපේ අවුරුදු උත්සවට පෙර දින රෑ. එදා නයිට් ගහන්න අපේ බැචලා 25 විතර හිටියා. 
වේලාව රෑ  1.25 යි. භවනේ ඒ වෙලාවේ හිටියේ  ‍රැන්ඩමා,කින්නා, ඇයියා, මතේ හා කිකා කියන කට්ටිය.

"අපි කාටහරි call කරමුද..?" යෝජනාව කින්නාගෙන්.

"අපි නල් ට කොල් කරමු."

රින්...රින් 
නල් ගේ දුරකතනය නාද වෙනවා. ටික වෙලාවකින් ඔන්න නල් කතා කරනවා එහා පැත්තෙන්.

"හැලෝ..හැලෝ.... හැලෝඕඕඕඕඕ...."

නල් නිදි මරගාතේ හැලෝ කියනවා.

"හැලෝ මේ අපි කතා කරන්නේ කොලඹ තක්සලාවෙන්, අපි ගාව java code එකක් තියනවා. එක compile කර ගන්න පුලුවන් ද කියලා දැනගන්න කතා කලේ" මතේ අහුවා.

" ඇහ්.. හැලෝ....." බය වෙච්ච නල් දුරකතනය විසන්දි කලා.

"මූ, cut කලා නේද? ආපහු ගනින්. කතා කරන්නේ ජාවා සර් කියපන්" 
කිකා කියුවා.

ආපහු කිප විටක් කතා කලද නල් සැමවිටම දුරකතනය විසන්දි කලා.

"කිරියා ට ගනින්, ඕකාව අල්ල ගන්න ඔනා"

හ්ම්..හ්ම්.. 

"ඔබ ඇමතු දුරකතනයෙන් ප්‍රතිචාරක් නොමැත......."
එහා පැත්තෙන් ගෑනු ලමයෙක් කිව්වා. කිරියා phone එක off කරලා.

"පම්බා(අයේශන්) ට කොල් එකක් ගමු, කතා කරන්නේ wisdom එකෙන් කියමු"
යෝජනාව ඇයියාගෙන්.

රින්...රින් දුරකතනය නාද වෙනවා.

"හැලෝ මේ කතා කරන්නේ Wisdom Institute එකෙන්. ඔයා මෙ පාර CIMA exam කලා නේද? ඔයාට prize එකක් තියන්නවා. එක කියන්නයි කතා කලේ."


"හැලෝ ඔය කවුද? මොන Wisdom Institute එකෙන් ද..?" පම්බා අහනවා.

"ඇ..යි ඕයි තමුසේ CIMA කරපු wisdom institute එකෙන්, ඇයි තමුසේ වෙන wisdom institute එකකටත් රිංගනවාද..............!! "
කින්නා ටිකක් තද වචන පව්වි කරලා අහුවා.

බය වෙච්ච පාර  පම්බා දුරකතනය විසන්දි කලා. එ වුනාට prize එකක් ගැන ඇහිච්ච නිසාදෝ මන්දා මෙන්න පම්බා ආපස්සට call කරනවා.

"හැලෝ..කවුද බන් කතා කරන්නේ, උබලා තක්සලාවෙන් නේද?" පම්බා අහනවා.

"තමුසේට එක පාරක්  කියුවා නේද, අපි wisdom එකෙන්, තමුසේට prize එක එපාද..කියපන්........!! "
ඒ පාර  කොල් එක කට් කරපු පම්බා phone එක off ම කරලා දම්මා.
හෙට කඹ අදින්න කඹේ ගෙනවා කියුවේ දුරියා නේද? මෑන්ස් ට කතා කරමු.

"හැලෝ, මේ කතා කරන්නේ ##### විද්‍යාලයෙන්, කොලඹ තක්සලාවෙන් කඹ ඇදිමේ තරගයකට කඹයක් ඉල්ලලා තියනවා. හෙට උදේ 6.30 වෙද්දි  ඉස්කොලේට අවෝත් කඹේ ගෙනියන්න පුලුවන්.මතක  ඇතුව ආදාල අත්සන ගහපු ලියුමක් අරගෙන එන්න. හරිද.." රැන්ඩමා කතා කලා.

"හැ..හැලෝ.. ඉස්කොලේන්......කවුද කතා කරන්නේ..?"

"යකෝ, වෙන කවුරු කතා කරන්නද....! , පිනා ඉස්කොලේ පිනා  තමයි කතා කරන්නේ............" කියලා  දුරකතනය විසන්දි කලා.

ඔන්න ඔහොමයි අපේ කට්ටිය මහ රෑ call වලට කතා කලේ.. හි......හිහි.... :D


පී.එස්.: හොදටම ටොපිය කාපු දුරියා උදේන්ම තක්සලාවට ඇවිත් සුරන්නාව හම්බ වෙලා,
"මචන් ඊයේ රෑ මට ඉස්කොලෙන් කතා කලා, මට අර ලියුම හදලා දිපන් මම ගිහින් කඹ අරන් එන්නම්"
කියලා කියුවාලු... 
හික්ස්...
කොහොම උනත් ප්‍රින්සිපල් මහ රෑ කතා කලා කියුවාම ආඩම්බරයක් දැනෙන්න ඇති.


ලිව්වේ මතේ....


සාටරේ කොහොමද ?

4 Responses to “හැලෝ…..කවුද කතා කරන්නේ…..!”

  1. අපේ තව වවුලො ඉන්නව.. උන්ටත් ඔයවගේ වැඩක් ඉක්මනට දෙන්න ඕනි ;)

  2. Nethuki says:

    “හැලෝ…..කවුද කතා කරන්නේ…..!” ???

  3. Anonymous says:

    haha :)

  4. Unknown says:

    මේ දවස නම් මතක් කරන කොටත් හිනා.... :D

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..