රෙජිස්ටාර් වීම හා ඉල්ලන් නෑම
.
ඔන්න එහෙනන් කුඹලත් නමෝ විත්තියෙන් සාටරේ ආරම්භ කරන්නයි හදන්නේ.....අපේ උගන්ඩා දාපු ශක්තිමත් අත්තිවාරෙමේ(ඌ එහෙම කියන්න කියල අපිට කිව්වා) පලවෙනි කබොක් ගලයි මේ....
සාටර් සිද්දි කොච්චර තිබ්බත් කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බැරුව ඉන්න කොට අපේ අයියලගේ බ්ලොග් එකක දැක්ක එක වැකියකින් මගේ හිත අරන් ගියා අපි තුම්මුලෙ තක්සලාවට ගිය මුල්ම දවසට.....
2011 ජුලි 20 දෙවියනේ.............!!!! එදත් අපි හොදටම සාටර් උනා නේද???
එදා තමයි අපි නිල වශයෙන් තුම්මුලේ තක්සලාවට ලියාපදින්චි වෙන්න ආපු දවස... හිතේ පොඩි චකිතයක් තිබ්බ හින්ද ඉස්සෙල්ලාම කරේ දන්න අදුරන කට්ටිය සෙට් කර ගත්ත එක. මොනව කරන්නද ඉතින් ලෝකේ රවුම් වගේ සෙට් උනේ ඔක්කොම එකම ඉස්කෝලේ කට්ටිය....
ඔහොම සෙට් වෙලා ඇවිල්ල කොහොම හරි තක්සලාව ඇතුලට ගියා කියල කියමුකො... ඊට පස්සේ තමයි නන්නාදුරන මූනු සියගණනක් අතරේ අපේ මිතුරන්ව හොයන්න පටන් ගත්තෙ ..
පාසලේ මිතුරො,බුකියෙ මිතුරො ඒ වගේම නොකියම බැරි අපේ සුදු බන්ඩ මාමගේ හමුදා පුහුනුවෙදි හම්බ උන මිතුරො එකා දෙන්නා හම්බවෙන්න පටන් ගත්තා... ඔව්.... තිබ්බ බය ඔක්කොම නැති වෙලා තමයි ඒ වෙනකොට හිටියේ.... මොකද කියනවනන් එතකොටත් අපි එතන ලියාපදිංචි වෙන්න තිබ්බ පොළිම් පනින්න පටන් අරන් හිටියේ... මොනව කරන්නද පුරුද්ද තමයි ඉතින් ;)
කතාව ටිකක් දික් වෙන නිසා එදා වෙච්ච ප්‍රධානම දේට මම කෙලින්ම එන්ටර් වෙන්නම්.. අතර මැද කතා සම්පුර්ණ කරන එක අපි පස්සේ කරමුකෝ... ;)
ඔන්න කොහොම කොහොම හරි පුරවන්න තිබ්බ ඔක්කොම කොල පුරෝල කට්ටිය එලියට බැස්සලු ගෙවල් වලට යන්න කියල හිතාගෙන...
හැබැයි ගිය තැනකින් නොකා එන පුරුද්දක් නැති හින්ද කට්ටියගේ අදහස උනේ මොනවහරි ආමාශගත කරගෙනම ගෙවල් වලට යන්න...
ඔන්න එතෙනිනුයි කතාව පටන් ගන්නේ,,,
කොච්චර පන්ඩිතයො උනත් අපි ඒ වෙනකන් දැනන් හිටියෙ නැහැ කැන්ටිමක් තියෙන්නේ කොහෙද කියල.... ඔන්න එතකොටම කලුව හෙවත් ගුල්ල කට ඇරිය...
" අපෝ බන් උඹල ඕකවත් දන්නැද්ද... වරෙන් යන්න Science එකේ Canteen එකට "
එපාර ඉතින් ගුල්ලට මූලිකත්වය දීලා අපි පස් දෙනාම ගියාලු Science එක පැත්තට.... හැබැයි අපිව දකින දකින හැම එක්කෙනාම ටිකක් අමුතු විදිහට අපි දිහා බලනවා කියලා තේරුනත් "අපිට මොකෝ" කියල canteen එක ලගටම ගියාලු....
"මල්ලි මල්ලි...."
බලාපොරොත්තු නොවුනු ඒ මටසිලිටු කටහඩින් අපිව කරකවල අතැරිය වගේ හැගිමක් ආවෙ නැහැ කිව්වොත් එක්ක පට්ටපල් බොරුවක්....
"මල්ලි මෙහට වරෙන්..."
නැවතත් ඒ මටසිලිටු කටහඩ..
යම්දෝ නොයම්දෝ කියල හිත හිත ඉන්න කොටම අපේ ගුල්ල ඒකටත් පෙරමුණ ගත්තා... කොච්චර හොදට ගත්තද කියල කියනවනන් " නැහැ නැහැ මල්ලි ඔහොම හිටපන් " කියන මට්ටමටම පෙරමුණ ගත්ත...
බොහොම අමාරුවෙන් ආපු හිනාව නවත්තගෙන අපිත් ගියා අයියල ගාවට... :D
නම, ගම, වයස එහෙම අහල ඇහුව්වට පස්සෙ අහුවා අපේ ඉස්කොල මොනාද කියල.... මලලසේකර වුනේ ඔය වෙලාවෙ තමයි...
පස් දෙනාම එකම පාසලේ...එකම අංශයේ.. සුදු බන්ඩ මාමගේ එකම කදවුරේ...උසස් පෙල දෙපාරක් කරපු හින්දා අයියල සෙට් එකට මාරම හැපී... මම එහෙම කිව්වෙ කට්ටිය බඩවල් අල්ලගෙන හිනා වෙච්ච හින්දයි...
" මල්ලි උඹල මාර ගැට්ටක්නේ... දාගනින් ඕකට නමක්... " නැවතත් ඉතා මිහිරි හඩින් අපිව දැනුවත් කලා...
අපි පොඩි හිනාවක් එහෙම දාල ශේප් වෙන්න හදන කොටම ලස්සන අක්කල දෙන්නෙක් එතනින් ගියා... එතකොටම තමයි උගන්ඩගෙ මනමාල හිනාවත් බ්‍රේක් නැතුව එලියට පැන්නේ..
"උඹට හිනාද මල්ලි... ගිහින් අහපන් ඒ අක්කගෙන් උඹට කැමතිද කියල, පලයන් පලයන්... "
කොච්චර පැනි හැලුවත් උගන්ඩ මේකටනන් බය උනා... නැත්තන් බොරුවට බය උනා වගේ පෙන්නුව... මූ පරක්කු වෙන බව දැක්ක අයියයලා... " ඉක්මනට පලයන් " කියල සුමධුර හඩින් අභිප්‍රේරනය කලා.... අපිත් ඉතින් ඇගිල්ලෙන් ඇනල එහේ සප්පොර්ට් කලා ;)
කොහොම හරි තිබ්බ පුරුෂ ශක්තිය ඔක්කොම කකුල් දෙකට දීල මූ අක්කල දෙන්න පස්සෙන් දුවන්න පටන් ගත්ත... දුවපු හැටියෙන්නන් තෙරුනේ කැමත්තෙන් දුවපු බවක් සහ කෙල්ලන් පස්සේ පන්නා හොද අත්දැකීම් තියන බවයි...
හතිදාගෙන දුවන උගන්ඩව දැක්ක අයියල,,,,
" හරි මල්ලි උඹලත් දැන් එහෙනන් පලයල්ල... උඹලගේ අයියල* කියල දෙයි ඉන්න ඕනි විදිහ,එහෙම ඉදපල්ලා..."
ඊට පස්සේ පොඩි හිනාවක් එහෙම දාල අපිට යන්න අවසර දුන්නා...
ඔන්න ඔහොමයි අපි පලවෙනි දවසෙම සාටර් උනේ....
____________________________________________________________________________________
පී.එස් -ආහ්හ්.... කියන්න අමතක උනානේ... අපි කන්න ලැස්ති වෙනකොටම උගන්ඩ හති දාගෙන ඇවිල්ලල... "ඇහුව්ව බන් ඇහුව්ව.." කියල අපි උනේ මොකක්ද කියල අහන්නත් ඉස්සෙල්ල කිව්ව... අපිත් ඉතින් මුගෙ මූන බලාගෙන මුකුත් කියන්න බැරි හින්ද...කට වහගෙන හිටිය...ඇත්තටම ඇහුවද,මොනවද ඇහුව්වෙ කියන එක අදටත් නොවිසදුනු අභිරහසක් ;)
විශ්වවිද්යාල ජීවිතයට අලුත් අත්දැකීමක් සුන්දරව ලබා දුන් ඒ අයියලාට අපගේ ස්තුතිය !!!!
*අපේ අයියලා යනු අපේ පීඨයේ අයියලාය... එදින අපි සාටර් වුයේ වෙනත් පීඨයක අයියාලාගෙනි.
ඔන්න එහෙනන් කුඹලගෙ පලවෙනි කතාව ඉවරයි.... ආරන්චියක් ආව මඩ පාරක් සුදානම් වෙනව කියල... බලමුකෝ... ;)
සාටරේ කොහොමද ?

සුපිරි....
ස්තුතියි ගුරා :)
පොඩ්ඩක් විතර සා වෙලාද මන්දා..
ඊලග එකත් කියවමුකො ඉක්මනට.. දැනටම ලියලානේ තියෙන්නේ.. :P
ඇනිවේ.. නියම අත්දැකීම ;)
Asssaaa... be careful... hope u read this one...!!! :P :P ;))
meka thama sirama kathava (Y) (Y) keeep it up kumbala... ara akka laa dennva aye dakkoth poddak pennanna ... manee ta vechcha de kohomahari hoya gammu :P :P :P
බොහොම ස්තුතියි Tonks ..... උගන්ඩගෙන් ඇහුව්ව ගමන් වෙච්චදෙ කියනව.... හැබැයි ඉතින් එක එක වෙලාවට එක එක ඒව තමයි කියන්නේ.... හි හි
Anandians la komath ගැට්ට gahanava vedi :p
කව්ද හෆ්ෆේ මේ Tonks කියන්නේ.... මහ දරුනු එක්කෙනෙක් වගේ... ගැටි ගැන කතා කොරන්නේ... :පී
Tonks විශේෂ ගැට්ටක්නම් නෑ... හැබැයි හොද මිත්‍රත්වයක් නම් තියෙනව... :)
ගුරා... සෑහෙන දරුණු චරිතයක් මචන්.. කතා කරද්දි පරිස්සමින්.. ;)
ඇට් + ටොන්ක්ස් - අපි කවදාවත් ගැටි ගහන්නෙත් නෑ.. ඔයා වගේ නමක් නැතුව හැංගිලා ගහන්නෙත් නෑ.. :P
@uganda: ah akath ahemada... :P sorry honde :P
@kumbala: ai ane ohoma kiyanne mama kochchara ahinsakada??? ^_^
අහිංසකයි කියල හිතන් ඉන්නවා :පී