මට ටිකක් නින්ද ගියා බන්


.



මේකත් තක්සලාවේ අපේ එකේකුට වෙච්ච සිද්දියක්. මැන්ස් තමයි ඇයියා .කාඩ් එකෙන් වැඩිය ප්‍රසිද්ධ නැති නිසා ලොකල් නමින්  කියුවොත් මිනුර.

ඔන්න කට්ටියට මතක ඇතිනේ අපේ Sports Day එක. කොහෙ අමතක වෙන්නද.. එකේ අන්තිමට තිබුනා  DJ  එකක්.. ඒකට ටික දෙනෙක් හිටියෙ නැති උනාට අපේ බැචාල ගොඩක් ගැහැණු , පිරිමි බේදයක් නැතුව ඉදලා විනෝද උනා..


අර හිටපු නැති අයගෙන් කෙනෙක් තමයි ඇයියා..

ඇග පත තිබුනට යම්තම් කලුවර වැටිගෙන එන කොට ඇයියා ට පොඩි බයක් හිතිලා මැන්ස් කාටවත් නොකියා  Shape එකේ මාරු උනා. මිනිහා කෙලින්ම ගියෙ බම්බලපිටියේ ස්ටෙෂමට, කොච්චියෙන් ගෙදර යන්න හිතාගෙන.

හුටා, කොච්චි නැහැ


ආපහු තියෙන්න 8.02 අලුත්ගම එක. මොනවා කරන්නද? හෙමිට බංකුවක වාඩි උනා.



මේ අතර මුහුදු බඩ රුට් එකෙන් ගෙවල් වලට යන අනික් අය, ඒ කියන්න ‍රැන්ඩමා, කිකා, පුතා,පොසිලානා DJ ඉවර වෙනකම් ම ඉදලා, හොද  Fun එකක් අරගෙන ගෙවල් වලට යන්න කොච්චියට නගින්න ස්ටෙෂමට ආවා.


ටිකක් වට පිට බලන කොට මෙන්න දකලා පුරුදු එකෙක් බංකුවක් උඩ  නිදි...!

"ඔයි, මෙ ඇයියා නෙද? මු 6 ට විතර ගෙදර යන්න  Shape උනා නෙද...?"  කිකා අහුවා.



"නැගිටපන්..නැගිටපන් ඇයියා.."
‍රැන්ඩමා කැගහුවා.


එක් පාරට හොල්මනක් දැකලා වගේ ඇයියා නැගිටලා 
" ආහ් මචන් උඹලා මොකද අපේ ගෙදර කරන්නේ " කියලා අහන්න වගේ ටිකක් කල්පනා කරලා වටපිට බලලා

"මට  ටිකක් නින්ද ගියා බන්" කියලා ලැජ්ජාවෙන් කියුවා.

හි..හි..කට්ටියටම හිනා.


අනෙත් අයට නොකියා කලින් ගෙදර එන්න පිටත් වුනු  ඇයියාට උනේ ඔක්කොම ඉවර වෙලා, ආපු  අනෙත් අයත් එක්ක ගෙදර යන්න.....



________________________________________________________________________

පී.එස් - ආයෙ කවුරුහරි කෝච්චි වල යනව නම් නිකමට බහිනකොට ස්ටේෂන් එකේ එහෙම බලල යන්න.. 

පවු අසරණ ඇයියා නිදන් ඉන්න පුළුවන්..

මේක අපිට එව්වේ මතේ..


සාටරේ කොහොමද ?

3 Responses to “මට ටිකක් නින්ද ගියා බන්”

  1. මතේ නියමයි ආහ්හ්හ්... ;)

  2. ෆට්ටයි මතේ.... තව ලියපන්.... :D

  3. Pietersz says:

    Elas.ගුරා & කුඹලා, අන්වා තව ලියනවා..

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..