ටාසන් ද අපේ මෑන්...


.



'ගුඩ් මොර්නිං'  ඔර්  'ගුඩ් ඊවිනින්ග්'   ඔර්  'ගුඩ් නයිට්'  කියගෙන ඔන්න උදේ පාන්දර මතක් වෙච්චි මෙව්ව එකක් ලියල දාන්නලු යන්නෙ ඉතින්...


අපේ සැට් එකේ ඉන්න මහා දරුණු මනුස්සයෙක් ගැන තමයි ඔන්න මේ....


දරුණු කිව්වහම බයවෙන්න එපා...මෙයා ජීවිතේට මනුස්සයෙට අත දිගඇරල පහර දෙන කෙනෙක් නෙමේ.. [ බැරි කමකට එහෙම නෙමේ........( කියල හිතන් ඉන්නවා ) :P ]


හැබැයි පුතේ මොනා හරි ගොන් වැඩක් කර කර ඉන්නකොට ෆොන් එක කනේ තියාගෙන ලගින් ගියා කියන්නෙ....අපේ ඡායාරූප 2ක් ඔර් 3ක් අනිවා ඩෙෆා එයාගෙ අර අඟල් 5ඒ මෙව්ව එකේ තියනවමයි....( මෙව්ව එක කියල කිව්වෙ...එක ෆොන් එකක් ද කැමරාවක් ද කියල තාම කාටත් ෂුවර් නැති හන්ද හරිය..)


අහ් හරි හරි කට්ටිය හිතන් ඉන්නව හරියටම හරි...කුඹලා තමයි මෑන්ස්..


එහෙනම් අපි දැන් කතාවට එන්ටෙර් වෙමුකො..


ඔන්න අර පාඩම් කරන්න කියල නිවාඩු දුන්නු දවසෙ කට්ටිය.. ෆුල් පන් එකේ පිස්සු නට නට ඉන්නකොට අපේ පන් ඇවිල්ල ' මහා ජරා' ආරංචියක් දුන්නෙ නැතෙයි.. ගම කනව..


" ජාව Assignments වල Final Grades දාලලු ඕයි… :O "


ඉතින් ඕන කෙහෙල් ගෙඩියක් වෙන්න කියල.. ඔක්කොමලා ලකුණු බැලුවලු ඕං..
 ලකුණු බැලුවට පස්සෙ සමහරුන්ගෙ මූනවල් නිකන්.......... හැබැයි ඔක්කොටම වඩා මූණ කජු ලෙල්ල වගේ කොරන් හිටියෙ කුඹලලු...


"ඇයි බන් ?? අස්පට් ද ?? " කියල අහපුවාම කුඹල කියපි..


" මට 'මෙව්ව එකක් ' බන් තියෙන්නෙ" (මෙව්ව එක ඔනෙ නෑ කාටත් හරිද?? )


දෙන්න හිතෙනව ඔය වෙලාවට වොන්ඩල් බාල් එකක්!!.. අනිත් අයට මෙව්ව තියා අරවවත් නැතිකොට මේකා පිස්සු කියනවනේ..


කොහොම කොහොම හරි කට්ටිය පිට්ටනිය පැත්තට ඇවිදන් ගියලු ලකුණු ගැන කතා කිය කිය….
ඔන්න අපේ එකෙක් කුඹලට මොනාද කියන්න "මචන් කුඹල..."  කියද්දි...


අපිත් එක්ක ආපු කුඹල පේන්න නෑලු......




මල කෙලියයි.. මූ අප්සට් එකේ හිටපු හින්ද කල්පනාවක් නැතුව අර ලගින් ගිය Art එකේ ගෑනු ලමයි ටිකත් එක්ක ගියවත් ද ?... :O ( අපි ලෙක්චර් ඉවර වෙලා බවනට යනකොටත් මිනිහා NAT එක පැත්තමයි බලන්නේ කියලා තාම කවුරුත් දන්නේ නෑලු )


වෙන්න බෑ...කරගන්න දෙයක් නැතුව උඩ බිම බලද්දි..


මෙන්න යකෝ වැඩක්!!!


ටාසන් කැම්පස් ඇවිල්ල ගහක් උඩ!!!


අයෙත් හරියට බලද්දි තමයි දැක්කෙ!!  මොන ටාසන් ද..... අපේ කුඹල ඉස්සරහ තිබුනු ගහ උඩ නැගගෙන පිස්සු කෙලිනව!!!


ඕක දකපු අපේ උගන්ඩ..


"ඕයි ඔය මොකද කරන්නෙ බහිනව බිමට!! මේ මිනිස්සු බලන් ඉන්නවා "


කුඹල ඉතින් බහින ගමන් කියපි..


" මම කොහොමත් අස්පට් ගියාම ලගම තියන ගහට නගිනව ඕයි.. "


ඔන්න අයෙත් කුඹලට මොනාහරි කියනවනම්...ලගපාත ගහක් තියන්වද කියල බලලම කියන්න හරිය... නැත්නම් කොහේ තියන ගහක් උඩට බඩගායිද කියල කවුද දන්නේ...


________________________________________________________________________________________


පී.එස් - සීන් එක උන වෙලවෙ මට මෙහෙමත් හිතුනලු...හදිස්සියට පොල්ගෙඩියක් කඩා ගන්න වගේ ඕන උනොත්..කුඹලව පොල්ගහක් ලගට එක්කන් ගිහින් අස්පට් කතාවක් කිව්වනම්..... ලොල් :P


ආහ් අමතක උනානෙ... ඔන්න ගුටි කන්න කියල හරි මේක ලිව්ව මම.... ඇස්සා

සාටරේ කොහොමද ?

11 Responses to “ටාසන් ද අපේ මෑන්...”

  1. මඩ පාරනන් දරුණුයි ....:පී හැබැයි ෆට්ටටම ලියල තියෙනවා... ඔහොම යමු ඇස්සෝ.....

  2. Anonymous says:

    HaHAAAAHAA Kumbala nikan hariyata MAN of the SEMESTER vage ne :P kumba nathi kathavak daannko :P bdw niyama kathava :p :P :P

  3. @7b628a86-82e2-11e1-bf5a-000f20980440- 404 Your Name was Not Found.. :P

  4. සිරා කතාව ඇස්සා.. තාමත් මතකයි ඒක නම්.. ;)

  5. අර අමුතු නමකින් කොමෙන්ට් කරල තියන එක්කෙනා කියන එකට එකග වෙනවා... දැන් වෙන කාටහරි මඩ ගහමු නේද??

  6. Pietersz says:

    lol..ගස් නගින්නත් මිනිස්සු ඉන්නවා...

  7. ms shuj says:

    Hahaa...Hehee... opening of this story is simply superb...!!! DOUBLE LIKE... :D ;))

  8. Anonymous says:

    kathava liyala thiyena style eka nam godak lassanai..

  9. වැඩේ නැගල යනවා වගේ.... ඔහොම යමු ඔහොම යමු :හිනා මූණ

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..