කූසා ගේ කැමැත්ත


.


2011 වසරේ නොවැම්බර් මාසය -

කස්ටියටම හොඳට මතක ඇතිනේ. කොහොම අමතක වෙන්නද, ඒ මාසේනේ අපි හමෝම ජීවිතේටම අමතක වෙන්නේ නැති, අතිශය බිහිසුණු අත්දැකීම් ගොඩකට මූණ දුන්නේ.


ඉතිං මේ කියන්න යන්නේ ඒ වගේ එක 'අතිශය බිහිසුණු' ගණයට වැටෙන සිදුවීමක් ගැන. මේ කතාවේ කතා නායක තමයි අපේ තුන්මුල්ල තක්සලාවේ Rowing කණ්ඩායමේ නායකයා (කියලා හිතාගෙන ඉන්න) වන, එම කණ්ඩායමේම උප නායකයා (කියලා හිතාගෙන ඉන්න) වන බූලා නොහොත් පැම්පා සමඟ අතිනත ගෙන සිටින කවුරුත් හොඳින් දන්න අඳුනන කූසා.


දැන් මිනිහට මෙච්චර විශේෂණ පද, උපමා, සමාන පද, විරුද්ධ පද, යුගල පද තියන නමක් තිබුනට ඉස්සර නම් නිකම්ම නිකම් කූසා විතරයි. ඒ කාලේ මිනිහා කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ (ඇහැක් වහලමයි බැලුවේ).


දැන් එහෙනම් කතාවට එමුකො. ඔන්න දවසක් අපි දේශන එහෙම ඉවර වෙලා ගුලට ඇවිත් එතනින් බවනට එන්න පිටත් උනා. කොල බංකුව ගාවින් යනකොට එක පාරටම,




"මල්ලි මල්ලී මෙහෙ එනවා"


කියලා සද්දයක් ඇහුනා. බැලිනම් අපේ කූසා ට තමයි කතා කොරලා තියෙන්නේ සුපිරි ජේ‍‍ෂ්ඨ අයියලා අක්කලා කස්ටියක්.


"නංගී උඹත් එනවා"

ඒ පාර කතා කලේ කැහැට්ටිට. ඉතින් දෙන්නම එතනට ගියා.


"වාඩිවෙනවකෝ දෙන්නම ඔතනින්"


එක ජේ‍‍ෂ්ඨ අයියා කෙනෙක් කිව්වා.


අපිට එතකොට තේරුනා වැඩේ ජල්බරි වේගනයි යන්නේ, තවත් එතන ඉඳීම ශරීර සෞඛ්‍යට හොඳ නෑ කියලා. ඉතිං මුන් දෙන්නා වාඩි වුනාද කියලා බලන්නෙත් නැතුව අපි අවා භවනට ඇවිදගෙන (ඇවිදගෙන කිවුවට දුවගෙන වගේ තමයි ආවේ).


ඔන්න විනාඩි 20කට විතර පස්සේ කැහැට්ටි එනවා භවන පැත්තට. ඒත් කූසා පේන්න නෑ. අපිත් ඉතිං තව ටිකක් බැලුවා. එතකොටයි දැක්කේ ඌත් එනවා කැහැට්ටිට කිලෝ මීටරයක් විතර පිටිපස්සෙන්. සිද්ද උනේ මොකක්ද කියලා මූ කිවුවෙම නෑ. පස්සේ කැහැට්ටි තමයි විස්තරේ කිවුවේ.


මෙන්න මේකයි වෙලා තියෙන්නේ. කැහැට්ටියි කූසා යි කොල බංකුවෙන් වාඩි වුනාට පස්සේ,




සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "නංගී උඹ ගොඩ ගිහින්ද?"
කැහැට්ටි : "ඔව් අයියේ..."






සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "ඇතුලෙන්ද පිටින්ද ?"
කැහැට්ටි : "පිටින් අයියේ..."






සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : (කුසා දෙසට හැරෙමින්) "එතකොට උඹත් ගොඩ ගිහින්ද ?"
කූස : (ඇඹරෙමින්) "නෑ අයියේ"






සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "ගොඩ යන්න කැමති නැද්ද ?"
කූසා : "නෑ අයියේ"


සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "උඹ මේකිට කැමතිද ?"

කූසා : "නෑ අයියේ"






සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා :

 "නෑ ??? ඈ යකෝ කියපන් බලන්න ඇයි උඹ මේකිට කැමති නැත්තේ? උඹ දැන් මේකිට කැමති නැති වෙන්න හේතු 5ක් කියන්න ඕනේ... කියපන්..."






ඔන්න එතකොට කූසා කාරයා ටිකක් කල්පනා එහෙම කොරලා, ඔලුවත් කසලා ඇඹරි ඇඹරී කිව්වලු,




"මම මෙයාගේ තොල් දෙකට ආස නෑ අයියේ, මෙයාගේ තොල් කලු පාටයි...."



ඒක කියනවත් එක්කම එතන හිටිය අයියලා අක්කලා හමෝටම බකස් ගාල හිනා ගියාලු. කැහැට්ටිත් හිනාව බොහොම අමාරුවෙන් තමයි නවත්තගෙන තියෙන්නේ.




සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : 

 "මොකක් ??? තොල් දෙකට කමති නෑ ??? ආ එහෙනම් ඇඳපන් බලන්න උඹ කැමති ජාතියේ තොල් දෙකක්..."




කියලා අයියා මූට කොලේකුයි පෑනකුයි දීලා. මූත් ඉතිං කොලේ අරගෙන බර දාලා ඇඳලා. ඒක දිහා බලන් ඉදපු අයියා එක පාරටම කිවුවලු,


"ඈ යකෝ, ඔය මොකක්ද ඔය අඳින්නේ ? කාලි අම්මගේ තොල් දෙකත් ඔයිට වඩා ලස්සනයි..."



ඔන්න ඔහොම තමයි එදා කූස ඌ කැමති ජාතියේ තොල් ඇන්ඳේ. කොහොම උනත් එදා දවසෙම කූසා කැහැට්ටිගේ මූණ්වත් බැලුවේ නෑ.



පී. එස්. : ඒත් එදා ගෙදර ගියාම  කැහැට්ටිට SMS එකක් එනවලු කූසා ගෙන්..

"අනේ කැහැට්ටි සමාවෙන්න, හිතලා නෙමෙයි කිව්වේ" 

කියලා....


හැබැයි කැහැට්ටිට ඊට වඩා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ කූසා හොයන තොල් හම්බවෙන්නේ ඉතියෝපියාවෙන්ද, සෝමාලියාවෙන්ද කියලා...


ලිවුවේ ගුරා

සාටරේ කොහොමද ?

3 Responses to “කූසා ගේ කැමැත්ත”

  1. සුපිරියි සුපිරියි :D:D

  2. Pietersz says:

    අපි නම් ඔක ඇස් දෙකෙන්ම දැකපු සිද්දියක්...

  3. ඔන්න එහෙනම් ඇසින් දුටු සාක්ෂි කාරයොත් ඉන්නවා එහෙනම්.... :ඩී

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..