අයියේ අයියේ , මම කොහෙද යන්නෙ???


.


දිනය - 2012 මාර්තු 29
වේලාව - පස්වරු 4.35


කතා නායක : "මචන්, Econ Assignment එක සබ්මිට් කරන්න තියෙන්නෙ කීයටද??"


මම : "4.15ට බන් සබ්මිට් කරන්න තිබ්බෙ, උඹ තාම කලේ නැද්ද??"


කතා නායක : "තාම නැහැ බන්, අඩෝ පොඩ්ඩක් ගිහින් බලපන්කො Office එකට තාම සබ්මිට් කරන්න පුලුවන්ද කියල"


මම : " මම ඉන්නෙ ඉස්කෝලෙ බන්, ඇස්ස යුනියෙ හිටියා උගෙන් පොඩ්ඩක් අහල බලපන්"


උඩ තියෙන දෙබස කියෙව්වාම හිතාගන්න පුලුවන් නේද අද කතා නායකය කව්ද කියල...


ඔව් හරියටම හරි.... අකුරට, වෙලාවට වැඩ කරන පැම්පා ගැන තමයි :ඩී

පැම්පා, බූල සහ තවත් නොයෙකුත් සුරතල් නම් වලින් අමතන අපේ faculty එකේ උනත් වැඩිපුරම අර දඬුවම් දෙන ෆැකල්ටි එකේ ඉන්න එකා ගැන තමයි අද කතාව... ඇත්තම කිව්වොත් මේ ඩයල් එක ගැනනන් මෙගා සීරිස් එකක් උනත් ලියන්න පුලුවන්...දැනට ආරම්භයක් විදිහට මම පොඩි සාටරයකින් වැඩේ පටන් ගන්නම්කො...

දැන් කියන්න යන කතාව සිද්ද උනේ අපේ අභාගය " aka විභාගය " ඉවර වෙච්ච දවසෙ අපේ කට්ටිය අභාගය අවසන් වීමෙ ප්‍රිතිය සමරන්න ගල්කිස්ස පැත්තට යනකොට තමයි...
ඔන්න අපේ කට්ටිය 50ක් විතර තුම්මුල්ල තක්සලාව ලගින් 155 බස් එකට ගොඩ උනා කියමුකො...
පොඩි වෙනසකටත් එක්ක කට්ටිය කතා උනා වෙන වෙනම ටිකට්ස් ගමු කියල (සල්ලි දෙමු කියල තමයි කතා උනේ,මොකද කොන්දොස්තර අයිය ටිකට්ස් දුන්නොත්නෙ ගන්න වෙන්නෙ ;) ).


හැබැයි අපි මොනව කතා කරගත්තත් පැම්පා කිසි දෙයක් අහගෙන නෙමෙයි හිටියෙ... මොකද වෙනද වගේම අන්තර් පීඨ සහයෝගිතාවය වැඩි කරගන්න දඬුවම් දෙන පීඨයත් එක්ක ඔන්ලයින් සාකච්චාවක තමයි හිටියෙ.
ඔන්න ඉතින් කොන්දොස්තර අයියා එක එක්කෙනාගෙන් සල්ලි අරගෙන එනව... හැබැයි පැම්පා තාම අන්තර් පීඨ සාකච්චාවෙම තමයි,,,
කොන්දොස්තර අයියා ආව පැම්පා ගාවට, පොඩ්ඩක් බලන් හිටිය... පැම්ප නෙමෙයි ඇහැක් වත් ඇරල බැලුවෙ... පොඩි තට්ටුවක් දාල බැලුව... ඒත් නො රෙස්පොන්ස්... වැඩේ හරියන්නෙ නැති බව දැනගත්තු කොන්දොස්තර අයියා...
 
"මල්ලි මල්ලි කොහෙද යන්නෙ??? සල්ලි ගන්න,සල්ලි ගන්න...."


                   * කව්ද අඩෝ මගෙ සාකච්චාව මැදට පැන්න ගෙම්බා *



හෆ්ෆටසිරි... ඔන්න එතකොට තමයි,පැම්පට කල්පනාවට ආවෙ සාකච්චාවක කියල හිතන් හිටියට ඇත්තටම ඉඳල තියෙන්නෙ බස් එකක නේද කියල....හිතට පොඩි ලැජ්ජාවක් ආපු හින්දද මන්දා ඈස් යුසුඅල් 'පැම්ප හිනාව' දාපු අපේ පැම්පා, ටිකක් විතර කල්පනා කරල....

"අයියේ අයියේ , මම කොහෙද යන්නෙ??? "


බස් එකෙන් බාගයකට විතර ඇහෙන්න එහෙම නෙමෙයිලු පැම්පා ඕක ඇහුව්වෙ....
හැබැයි ඒ වෙනකොටත් කොන්දොස්තර අයියා තේරුම් අරන් තිබ්බෙ මුගේ අවුලෙ හැටියට ශුවර් එකටම මූත් ඉස්සෙල්ල ටිකට්ස් ගත්ත සෙට් එකේම එකෙක් තමයි කියල....


"ගල්කිස්සට මල්ලි,ගල්කිස්සට... 19යි ගාන 20ක් දෙන්න"


ඒ උත්තරෙත් බස් එකෙන් බාගෙකටවත් අහුනෙ එහෙම නැහැලු....

වෙනදා රුපියලට මිනිමරා ගන්න පැම්පා ඒක ගැන කතාවකුත් නැතුව ෆෝන් එකත් Off කරන් අපිවත් නොදන්න ගානට හිටියෙ අපි මොනව හරි කියයි කියලා හිතන් ඉන්න ඇති.. :P

ඔන්න ඔහොමලු ඉතිං පැම්පා කොන්දොස්තර අයියාගෙන් අහගෙන එදා බස් එකෙ ගියෙ...


ලිව්වෙ කවද කියලනන් ඉතින් ඕනිත් නැහැනෙ... මේ සිද්ධිය වෙන්න විනාඩි කිහිපයකට කලින් පැම්පාගෙ ඔය උඩින් තියෙන ඡායාරූපය ගත්තෙ මම තමයි ඉතිං :D


සාටරේ කොහොමද ?

8 Responses to “අයියේ අයියේ , මම කොහෙද යන්නෙ???”

  1. පැම්පාගේ සාටර් කතා වල ආරම්භය.... හික් හික් හික්

  2. අනිවාර්යයෙන්ම ගුරා... මඩ සීරීස් එකක්ම ලියමු ;)

  3. පැම්පා ගැන නම් පොතක් උනත් ලියත හැකි :ඩී :පී

  4. Pietersz says:

    ස්ටෙරිය සුපිරියටම ලියවිලා තියන්නවා...
    බලාගෙන පම්පා උබලාට දඩුවම් දෙන්න ගනි....

  5. පියරු බබී... අපේ මැනේගජ්මන්ට් ප්‍රොජෙක්ට් එක වගේ එකක් උනත් ලියන්න පුලුවන් ;)
    Tonks ... ඔහොම කිව්ව කියල පැම්පා මුකුත් දෙන්නැහැ :P
    මතේ... බොහොම ස්තූතියි මචං... හික්ස්ස්... මේක කියවන්නවත් වෙලාවක් තිබ්බොත් ලොකු දෙයක් උට ;)

  6. Unknown says:

    ඵකෙන්ම සුපිරී ආ ...............!

  7. බොහොම ස්තූතියි මචං... :D :D

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..