හුග දවසකින් බ්ලොග් එකට මුකුත් ලිව්වේ නැති හින්දා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවෙ හිතුව ලියන්න කියල අපේ වෙච්ච දෙයක්..
මේ සිද්ධිය කොච්චර පරණ කතාවක්ද කියනව නම් මේක වෙලා හරියටම දවසයි..
මේක උනේ කොයි වෙලෙත් පයින් ගහන්න බලන් ඉන්න අපේ ඇස්සට..
ඔන්න ඉතින් ලග එන වෙසක් උත්සවයට වෙසක් කූඩු හදන්න කියලා අපේ බැචාලාට කලින් දවසේ මැසේජ් එකක් ලැබුනා..
අපේ පලවෙනි සමූහ ක්‍රියාකාරකම හින්දා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ඉතින් පුලුවන් විදියට අනිත් අයට මැසේජ් එක යවලා අඩු ගානේ බවන පිරෙන්න වත් කට්ටිය එයි කියලා හිතුවට මොකද සෙනසුරාද හින්දා කට්ටියට ඇද දාල එන්න බැහැයිලු..
පව් ඉතින් වෙනදා ඒ වෙලාවටම ලෙක්චර් එකේ නිදියන පුරුද්දට වෙන්නඇති.. :P
කොහොම කොහොම හරි කොච්චර අඩු උනත් ආපු කට්ටිය ඇවිත් 9 ට විතර වැඩ පටන් අරන් තිබ්බ..ඉතින් උගන්ඩා එනකොටත් කට්ටිය වැඩ පටන් අරන්..;)
අලවන්න කූඩු 200 ක් විතර තිබ්බ හින්දා කට්ටිය එකතු වෙලා තමයි කූඩු ඇලෙව්වේ..
ඉතින් දැන් මේ කියන්න යන සිද්ධිය වෙනකොට 3 ට විතර ඇති..
අපේ කට්ටියට උදේ ඉදන් කූඩු අලවලා මහන්සි හින්දා ඉදගෙන පොඩි චැටක් දාගෙනලු හිටියේ ඒ වෙලාවෙ..
ඔක්කොම නම් නෙවෙයි ඉතින්.. තව දෙතුන් දෙනෙක් කූඩු අලව අලව හිටියේ..
ඔන්න ඔය සෙට් එක අතර හිටියා තනි අතින් කූඩු අලවන අති විශේෂ පුද්ගලයෙක්.එක අතකින් ෆෝන් එකට කොටන ගමන් අනිත් අතින් විනාඩි 10 කට එක පාරක් කොල අලවන ඇස්සා තමයි මේ..
උදේ නම් ගොඩක් උනන්දුවෙන් කූඩු ඇලෙව්වට මොකද දවල් කෑම වෙලාවෙන් පස්සේ නම් ඇස්සා කූඩු දිහා බලාගෙන හිටපු එක තමයි කලේ.. ( ඇයි කියලා ඇස්සා තමයි දන්නේ :P )
මේ අතර හදිසියේම ලෙල්ල කෑගැහුවා..
" ඒයි මේ බලපන්කෝ.. මෙන්න ඇස්සා අටපට්ටමේ පැති 5 ක් අලවලා "
හත්දෙයියනේ බලනකොට කතාව ඇත්ත.
අර දවල් කෑමෙන් පස්සේ තිබ්බ අසහනය වැඩි වෙලාද කොහෙද ඇස්ස පැති 4 ක් වෙනුවට පැති 6 ම පාප්ප ගාලා 5 ක කොල අලවලා..
මේ සද්දෙට කට්ටියම බය වෙලා ඒ පැත්ත බලනකොට අපිට වඩා කලබල උනු ඇස්ස ෆෝන් එකේ පාප්පත් ගාගෙන , 6 වෙනි පැත්ත අලවන්න කියලා ගත්ත සවු කොලෙත් විසිකරලා, අර වැඩිපුර අලවපු කොලේ ගලවලා ෆෝන් එක පිටින්ම සාක්කුවේ ඔබා ගත්තා..
අනේද කියන්නේ ඇස්සා නම් ඉතින් ඊට පස්සේ සා උනේ නෑලු..
හැබැයි ඒ වෙලාවේ ෆෝන් එක පාප්ප පිටින් සාක්කුවේ ඔබා ගත්ත ගත්තමයිලු කොච්චර "ටික් ටික්" ගෑවත් එලියට නම් ගත්තේ නෑ..
_____________________________________________________________________________
පී.එස්- ඊට ටිකකට කලින් උගන්ඩා පැති 4 ක් අලවලා වේලෙන්න පැත්තකින් තියලා තිබ්බ කූඩුවෙත් ඇස්සා පැති 6 ම පාප්ප ගාල කොල අලවනකන් බලන් ඉදලා තියෙනවා..
ඉතින් අපි හැමෝම " අසරණ ඇස්සා ඉක්මනින් සුවපත් වේවා.." කියලා ප්‍රාර්ථනා කරමු..
ආහ් තව එකක්.. මේක ලිව්වට පස්සේ Online පයින් ගැසීම් කිහිපයකට ලක්වුණු හින්දා මුල් කතාවේ රස මුසු තැන් චුට්ටක් විතර අඩු කරන්න වුනාලු.. ( ඔන්න ඇස්සා ඒකත් කිව්වා :P )
මම උගන්ඩා
සාටරේ කොහොමද ?
hehehe :P
mage ammooooo auruddakata vitara mada!!!!! mona nathath... :D matath kiyawaddi hina yanawooooo
මේක තනිකරම මඩ ව්‍යාපාරයක්නෙ :O
hahaha typical assa :D
ඇස්සට මඩක් වැදිච්ච එක ගැනනන් මාරම සතුටුයි... :D :D
@හිතුවක්කාරි, ඒ ගැන නම් අහන්න දෙයක් නෑ.... මේක මඩ ලෝකයක්. ෆට්ට කතාව.