ඉතින් මේ කියන්න යන සාටරේ වෙලා තියෙන්නේ තුන්මුල්ල තක්සලාවේ අපේ පළමු විභාගය පටන් ගන්න ටික දවසකට කලින්.
ඔන්න එකෝමත් එක දවසක අපේ කිරියා, මැඟී සහ මැගිලින් කියන තුන්දෙනා තුන්මුල්ල තක්සලාවේ පුස්තකාලයට ගොඩ වැදුනලු පාඩම් කොරන්න කියලා. තුන්දෙනා කතා වෙලා ගිහින් තියෙන්නේ "බිස්" පාඩම් කරමු කියලා තමයි.
දැන් ඉතින් කස්ටිය කල්පනා කොරනවා ඇති මොකක්ද දෙයියනේ මේ "බිස්" කියන්නේ කියලා. "බිස්" කියලා කිව්වේ Business Information System ( BIS ) කියන එක කෙටි කොරලා.
තුන්දෙනා දැන් නමෝ විත්තියෙන් දකුණු පය පෙරට තියලා පුස්තකාලෙට එහෙම ඇතුලු වෙලා වටයක් ගහලා හොඳ වාසනාවන්ත ඩෙස්කුවක් තෝරගත්තලු පාඩම් කොරන්න. ඉතින් රාහු කාලය එහෙම බලලා අපේ මැඟී පටන් අරගෙන තියනවා පළවෙනි tute එක බලන්න.
ඔන්න දැන් මැඟී "බිස්" tute එක බලන ගමන් අනිත් දෙන්නටත් කියලා දෙනවලු. අනිත් දෙන්නත් කට ඇරගෙන අහගෙන ඉදලා තියනවා.
ඉතින් කොහොම කොහොම හරි වෙලා පලවෙනි tute එක කියවලා, කියලා දීලා අහවර වුනාලු. ඉතින් මෙච්ච්ර වෙලා කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන අහගෙන ඉදපු කිරියා කියලා තියනවා මෙහෙම.
"හරි එහෙනම් දැන් මේ ගමන්ම බිස් වල දෙවෙනි tute එකත් බලාගමු... එතකොට ඒකත් ඉවරයිනේ...."
මේක ඇහුන මැගිලින් හීනෙන් අවදි වලා වගේ එක පාරටම කලබලෙන් අහනවලු,
"මේ... මෙච්ච්ර වෙලා අපි කලේ සෝසි නේද හලෝ. දැන් මොකද මේ එක පාරටම බිස් කරන්න හදන්නේ....?"
අබුද්දස්ස කාලෙක හැටි.....
අච්චර වෙලා "බිස්" කියලා දුන්න මැඟීට මොනා හිතුනද කියලා දෙයියෝ තමයි දන්නේ..... :D
මේකත් ලිව්ව මම අර කලින් ඇනෝ..
සාටරේ කොහොමද ?

හුටා,,,,,,,,මම දැක්කේ KISS පාඩම වගේ,,,,:P
Soci Vs Bis... Dakama Lol....
heheeehe very funny :P
hahaa hehee... Maxaaa topic... :D :))
හිහ් හිහ් හී.....
kauda magilin?
අශානි පරණමාන = මැඟිලින්
hahaha :) aththa thamai
kauda meka liwwee?????