මොලේ Flash


.


මේ සිද්ධිය වෙලා ටික කාලයක් උනත් මේක හොදයි කියල හිතුන නිසා ලියන්නෙ.....

ඔන්න ඉතින් තුන්මුල්ලෙ තක්සලාවෙ වෙනදා වගෙම වැඩ කිඩ හමාර කොරපු උගන්ඩයි , කිරියයි , කින්නයි ගෙවල් දොරවල් කරා පිටත් වෙන්න කියල එලියට බැහැල බස් හොල්ට් එකට පයින් ගාටනකොට හිනෙන් නැගිට්ට වගෙ උන්නු කින්න කියපි..



"මචන් අපි බම්බලපිටියට පයින් යමුද" කියල.



ඕක අහපු උගන්ඩත් අර කලා මෙව්ව එකේ වැඩලා ඉන්න සුරුපි ලලනවන් දකින්න තියන ආසාව නිසාම නිසා "හා" කිව්ව.......



ඔන්න ඉතින් තුන් දෙනත් එක්ක අවට සිටි නරඹමින් , හෙමින් හෙමින් යනකොට අතපය තියන් ඉන්න බැරි කමට කිරිය කොට්ටම්බ ගහක් යට තිබුන කොට්ටම්බ ඇටයකින් උඩන්ඩගෙ ඔලුවට ලාවට වගෙ පාරක් දුන්න...



 

මම මේ මෙච්චර වෙලා කතාවට පොඩි ස්ටාට් එකක් දුන්නෙ.....ඔන්න දැන් තමයි පට්ටම සීන් එක පටන් ගන්නෙ....

 


"කවුද නරියො මගෙ ඔලුටට ගහපු ගෙම්බ....... 

අඩෝ කින්න උඹද  ??
කිරිය උඹද ?? "

 

ඔන්න ඔහොම උගන්ඩ මර ලතෝනි දෙන්න පටන් ගත්තෙ නැතැ මහ පාර  මැද්දේ....

ඔන්න ටික වෙලවකට පස්සෙ උගන්ඩගෙ කිසි මෙව්ව එකක් නැ...කතා බහක් නැතුව ඔහේ යනවා....සීන් එක අප්සට් වගෙ....


හෙමිට උගන්ඩ ගාවට ( අඩි 5 ක් 6 ක් දුරින් දුවන්න බලන් ) කිට්ටු උන කින්න..

 

" මචන් අවුලක් නෑ නේද.... ? "

 

"උබ මෙ මගුලක් කතා කරනව..... වැදුන පාර මගෙ මොලේ Flash උනද කොහෙද .... යකො බොහොම අමාරුවෙන් දගත්ත  SAD ටිකයි JAVA ටිකයි mix වෙලාද කොහෙද.... මට Data Flow Diagram එකේ Compile Errors පේනව බං "

කියපු උගන්ඩ කිරිය බස් එකෙන් බහින කම්ම වචනයක් වත් කතා කලෙ නෑලු....

_____________________________________________________________________________

පී.එස් - මොනා උනත් මොලේ ෆ්ලශ් උනත් උගන්ඩට තමාගෙ ජන්ම පුරුද්ද වු ඉබ්බා දැමිල්ල නම් අමතක උනෙ නැ ලු හැබැයි එදත්......

ලිව්ව මම කිරියා..


සාටරේ කොහොමද ?

3 Responses to “මොලේ Flash”

  1. Anonymous says:
    This comment has been removed by a blog administrator.
  2. Anonymous says:

    ගොන් කතාවක් නෙ :පී

  3. කිරිය කලොත් කරන්නෙ ඔහොම වැඩක්ම තමයි ඉතිං :P

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..