ඇස්සා සහ 20ට ටිකට්


.




ඔන්න ඉතින් නත්තල් කාලේ පහු වෙච්ච හින්දා අපිට පොඩි නිවාඩුවක් වගේ එකක් හම්බ වෙලා ඒ කාලේ නත්තල් ගහක් හින්දා අපේ බැචේ ජනප්‍රියම කොලුවා වෙච්චි ඇස්සලාගේ ගෙදර යන්න කට්ටිය කතා කරගත්තලු..


ගමන යන්න ලැස්ති කර ගත්තේ අපේ නත්තල් ගහ හදන කාලෙම තමයි... ඒ දවස් වල තිබ්බ මෙව්වා එකත් එක්ක කට්ටිය 30ක් විතර හාහා පුරා කියලා ෆන් එකක් ගන්න තමයි කතා කරගත්තේ..


ඔන්න ගමන යන දවසට කලින් දවසේ කීදෙනෙක් එනවද කියල අහල අහල ඉවසන්නම බැරි විදිහට ඇස්සා කරදර කරපු හින්ද උගන්ඩා සල්ලි සල්ලි කියල බලන් නැතුව එනවයි කියල කිව්ව හැමෝටම කෙටි පණිවිඩයක් යැව්ව ( බොල් ණය = 0.31*18 + 0.62*13 )


හැබැයි අවාසනාවක මහත උනේ... හතරක් පහක් ඇරෙන්න වෙන එකෙක්වත් Reply නොකරපු එක... එහෙම උනා කියලා සැලෙන්නේ නැති උගන්ඩ, තවත් කෙටි පණිවිඩ්යක් යැව්වලු ඉතාම පහන් ස්වරයෙන් ( මේක යවන කොට බල බල Send කලේ.. මොකද වැරදිලා ගැහැණු ළමයෙක්ටවත් ගියොත් :P )...
එතකොටනන් ඉතින් සූ ගාල දහයක් දොළහක් විතර රිප්ලයි කරාලු...ඔහොම කොහොම හරි සෙට් වෙලා ඇස්සට කිව්වලු විස්සක් විතර එනව කියල...


මෙන්න මෙහෙමයි අපේ ට්‍රිප් එක යන දවසේ උදේ වුනේ....


1. අපි කලින් යන්න හිටිය දවසත් වෙනස් කරගෙන අනිවා එනව කියල හිටපු ගුරා


 " මචන් මට වැදගත්ම වැඩක් තියෙනව,සොරි බන් එන්න වෙන එකක් නැහැ.... "


2. එන්නේ නැහැයි කියපු කට්ටියට කලින් දවසේ බැන බැන හිටපු පියෝ


 " මචෝ අද මට මම ඉස්සෙල්ල වැඩ කරපු තැනට යන්න වෙලා තියෙනවා.. කලින් යටිමඩි ගහපුව ටිකක් මාට්ටු වෙලා වගේ.. උඹල පලයල්ලකෝ ... "


3. මෙහෙම සෙට් වෙමු , ගිහින් අරහෙම කරමු කියලා කලින් දවස වෙනකන් කිය කිය හිටපු පොලු පිලිබඳ විශේෂඥ සුරන්නගෙන් තාම Reply නෑලු..




ඉතින් කොහොම කොහොම හරි අන්තිමට කට්ටිය ඔය විදිහට අඩු වෙලා ඉතුරු උනේ හත් දෙනයි... හැබැයි ඒ වෙද්දි කට්ටියට සැහෙන්න මළ විකසිත වෙලයි හිටියේ ( ඩීප් බ්‍රෙත්.. හරී... 1 , 2 , 3 ... 20 )


මොකද කියනවනන් ඇස්සට විස්සකට විතර කෑම හදන්න කියල යන්න සෙට් වෙලා ඉන්නේ හතයි...
ඔන්න එතකොටම  ' රෑ සිහිනෙන්.. ඔබ ලග මා සැනසෙනවා.. " කියලා උගන්ඩාගේ ෆෝන් එක රින්ග් වෙනවලු.. ඒපාර අවුලෙන් හිටපු එවුන් ඔක්කොම සින්දුව ඇහිල දැන් උගන්ඩා ෆෝන් එක ගන්න කන් බලන් ඉන්නවා.. උගන්ඩත්  " අනේ වැරදි කවුරුත් නම් කෝල් කරන්න එපා ගෙදර එනකන් සා වෙන්න වෙන්නෙ" කියලා හිතලා බලදිදි ඒ හැමදාම වෙලවට එන පැම්පාලු..

( මට මේ ලියන වෙලාවේ හිතුනෙ ඕන්.. පැම්පා මේපාර අවුරුද්දේදි නව සඳ බලන නැකතට ගණුදෙනු කරයිද දන්නේ නෑ :P ).


" මචන් මමත් එනව යන්න.උඹ තාම ගෙදරනේ ? මම එනකන් හිටපන් හරිද?? තාම 8 යිනේ වෙලාව "




ඒපාර තිබ්බ අවුල් ඔක්කොම පැම්පගෙන් පිට කරලා 9 ට එනවයි කියපු පැම්පා 9.30 ට ආවම මිනිහවත් අරන්
කොහොම කොහොම හරි දෙයියනේ කියලා මීගමුවට ආවා..


ඇවිත් එහේ ගෙනියන්න අපි කන්න කැමති බිස්කටුයි, අරවයි, මෙව්වයි ටිකක් අරන් බස් ස්ටෑන්ඩ් එකේ පුටු රත්කර කර හිටියලු ඇස්ස එනකන්..


ඇස්සත් ඉතින් පැම්පා තරම් නැතත් කලින් ආව ගමන් කට්ටිය එහේ යන්න ඇස්සා සූදානම් කරලා තිබ්බ ප්‍රයිවට් බස් එකේ නැගලා ඒක යනකන් ඇකඩමික් ගැන ඕපදූප කියව කියව හිටියා.


ඔන්න ඉතින් සූ ගාලා ඒ බස් එකටම හිටියේ අපි විතරයිලු...


මේ අස්සේ මීගමුවේ බස්කාරයෝ සුවර් නැහැ කියපු බෙල්ලා බෙල්ල එලියට දමාගෙන එන අය දිහා බලන් ඉදීමේ ප්‍රතිපලයක් විදියට ඔන්න දෙන්නෙක් නැග්ග බස් එකට.. බැලින්නම් ඒ ඩබලත් ඇස්සගේ යාළුවෝ.. ( ඔන්න ඇස්සෝ මම ඒගොල්ලෝ කිව්ව අර මාරවිල කතාව කාටවත් කියන්නේ නෑ හොදේ )


අපේ කට්ටිය Econ වල Iso Cost එකක Domain එකයි Range එකයි හොයන හැටි කතා කර කර ඉන්නකොට ආවා කොන්දොස්තර අන්කල්.. ඉතින් ඇස්සා සුපුරුදු පරිදි ටිකට් ගන්න ලෑස්ති වෙනකොට අපිත් සුපුරුදු පරිදිම පර්ස් එලියට ඇදලා ආයෙත් ඇතුලට දාගත්තලු...



ඊට පස්සේ මෙන්න මෙහෙමලු කතාවේ ප්‍රධානම සිද්ධිය වුනු ඇස්සයි කොන්දයි අතර ටිකට් ගන්න ගිහින් වෙච්ච කතාබහ..




ඇස්සා - " අයියේ මට දෙන්න රු 20 ටිකට් 10 ක් "


කොන්දා - " හරි .. මල්ලිලා කොහෙන්ද බහින්නේ ?? "


ඇස්සා - අර අහවල් හන්දියෙන් බහින්නේ.. ( අහවල් කිව්වෙ මට දැන් නම මතක නැති හින්දා මිසක් වෙන එකක් නෙවෙයි ඕන් )


කොන්දා - " මල්ලි එතනට ටිකට් එක 23 යි නේ.. 20 ට මගින් තමයි බහින්න වෙන්නේ.. "


( ඔන්න අපේ අය දැන් හිනා වෙන්න අරන්ලු.. ඉතින් ඇස්සත් කට්ටිය ඉන්න තැන තමන්ගේ ගමේ පජාත වෙන්න බැරි හින්දා ඒවා කොහෙද කියල.. "


" වෙන්න බෑනේ අයියේ මම මාස කීයක් ගියාද ඔය ගානට.. හැමදාම 20 යි නේ දුන්නේ.. මම මේ දැන් ටිකකට කලිනුත් ආවේ 20 ටිකට් එකෙන් "


 ඒ පාර කොන්දා මෙහෙමලු කිව්වේ..




" මල්ලි එහෙනම් ඒ මාස වල ගියාට රු 3 ගානේ එකතු කරලා දීලා බහිනකොට බහින්න හොදේ "




අපි නම් ඊට පස්සේ පොඩ්ඩක් වත් හිනා වුනේ නැහැලු ඕන්.. පිටිපස්සෙ සද්දේ මොකක්ද කියලා ඩ්‍රයිවර් බැලුවා විතරයි..



________________________________________________________________________________________



පී.එස් - ඉතින් එදායින් පස්සේ කවුරුත් ඇස්සා බස් වල ටිකට් ගන්නකොට ලග පාත ඉන්නේ නම් නෑලු.. ඇස්සත් ඉතින් අතින් කීයක් ගියත් කොන්දා ඉල්ලන ගාණ දෙනවලු..


කතාව දිග වැඩි උනාද මන්දා.. මොනවා කරන්නද  ඉතින් එදා උදේ ඇස්සට කෝල් කරලා " මචන්.. අද එන්නේ දෙන්නයි "  කියපු වෙලාවේ ඇස්ස අඩපු හැටි කිව්වෙත් නෑනේ.. 

- උගන්ඩා -

සාටරේ කොහොමද ?

14 Responses to “ඇස්සා සහ 20ට ටිකට්”

  1. Muditha says:

    heheheee :P :P :P lol

  2. thaaruu says:

    Assa .. ohoma deval da halo minissunta venne :P oya poddakvath salenna epaaa :P :P :P

  3. Muditha says:

    pissudaaaaa salenne narakai!!! :P lol

  4. IsuNira says:

    වැඩේ නම් පට්ටය්,,,,,පොල්ලට sorry වේවා!!!!
    දුන්න පට්ටමට තැන්ක්s වේවා!!!!
    පී;

  5. @Nira- එල එල.. ස්තූතියි.. :)
    තාමත් පොලු තියන එක අතෑරලා නෑනේ ඒකයි.. :P

  6. IsuNira says:

    හාහාහා,,,,,,දැන් පොලු තියන 1 අතැරලා ගොඩක් කල් බන්,,,,,,,
    ජය වේවා!!!

  7. අම්මප ඔව්... ගිය සතියෙද කොහෙද පොල්ලක් තිබ්බ ඊට පස්සෙනන් තිබ්බෙ නැහැ තමයි... :පී

  8. ඒකනේ.. ඒ ටිකට ගිය සතිය අමතක වෙලා.. :P

  9. ඇට් + ටොන්ක්ස් - එහෙම ඇස්සා සැලෙන්නේ නෑ.. තාම කලින් විදියටම අපිටත් එක්කම ටිකට් ගන්නවා... ;)

  10. Anonymous says:

    ඇස්සට විස්සකට විතර කෑම හදන්න කියල යන්න සෙට් වෙලා ඉන්නේ හතයි... :P

    ඵදා ඉතින් කෑම ඉතිරි වෙන්නම ඇති නෙ.....:P :P :P

  11. Anonymous says:
    This comment has been removed by a blog administrator.
  12. IsuNira says:

    උගන්ඩා ,,ඔය බන් උගන්ඩාවෙ Natiol flag 1 ද????? prfl pic 1 තියෙන්නේ

  13. @කිරිල්ලී - අපි ඉතුරු ඒවා වටේ යන කුරුල්ලන්ට දුන්න එදා.. ඔය හිටියෙ නැද්ද.. :P

  14. නිරා - ඔව් බන්.. උගන්ඩාව වෙනුවෙන් මම. :P
    මේ ඒක නෙවෙයි.. උඹේ නමටත් හරියන පින්තූරයක් දාගනින්කො... :D

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..