
අර කාලයක් තිබ්බනේ අපේ ජේෂ්ඨ අයියලා අක්කලා අපිට තක්සලාවේ ඉන්න හැටි, කන්න ඕන හැටි, ඉඳගන්න ඕන හැටි කියලා දුන්නු. ඒ කාලේ අපිට කඩුව එහෙමත් තහනම් කොරලා නොවෑ තිබුනේ. කඩුවෙන් කැපීම සමාව නොදිය හැකි වරදක් විදියට තමයි ඒ කාලේ හැඳින්වුවේ.
ඔය අස්සේ තමයි අම්බුජා " අයියේ මට NOTES වගයක් ඡායාපිටපත් කරන්න තියෙනවා " කියල කියලා තියෙන්නේ..
ඒ කතා මේ කතා කොහොම වුනත් තක්සලාවට ආව මුල්ම දවස් ටිකේ තිබ්බනෙ "තෙල බෙදනවා" කියලා පොඩි මෙව්වා එකක්. "තෙල බෙදනවා" කියන්නේ මොකක්ද කියලා වෙනම අපි නිවාඩු පාඩුවේ දවසක කතා කරමුකෝ. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ අයියලා අපිට තෙල නම් මදි නොකියන්න ගහලා තිබුනේ. :D
ඒක නිසා අපේ කස්ටියෙත් ඉතින් තෙල ඉහටම වැදුන හතර පස්දෙනෙක්ම හිටියා. ඒ එක්කෙනෙක් තමයි මතේ. මේ කතාවෙ තියෙන්නේ අපේ මතේ ට තෙල වැඩි වෙලා උන අකරතැබ්බියක් ගැන.
ඉතින් අපෙ මතේ දවසක් උදේ කළුතර දුම්රිය පොළේ ඉන්නවලු තක්සලාවට එන්න බලාගෙන.ටිකක් කාර්යබහුල වෙලාවක් හින්දා සැලකියයුතු ජනකායක් එහෙමත් හිටියලු වට පිටාවේ.
ඒ වෙලාවෙම මතේ දැක්කලු අපේ ජේෂ්ඨ අයියලා දෙතුන් දෙනෙක් විතර තක්සලාවට යන්න කෝච්චි ගත වෙන්න ඇවිදන් එනවා.ඒ මදිවට අයියලා එන්නෙත් මතේ ඉන්න දිහාවටලු..
ඒක දැකපු මතේට තත්පර 2 ක් 3 ක් යනකන් මතේලු..ඊට පස්සේ එක පාරටම දැන් නැගිට්ට වගේ කරේ තිබ්බ බෑග් එකත් බිම දාලා ෂර්ට් එක යට කරලා එකේ බොත්තම් එහෙම දාලද බලලා , කොන්ඩෙත් පැත්තට පීරගෙන කුමාරයා වගේ බලන් ඉන්නවලු..
ඔන්න ඉතින් අර අයියලා කස්ටිය මතේ ලගට ලං වෙනකොටම තමයිලු කොල්ලගේ තෙල බේරෙන්න ගත්තේ..
මිනිහා කවුරුත් හිතපු නැති වෙලාවක එක පාරටම සීරුවෙන් හිටගෙන..
" සුභ උදෑසනක් අයියේ....................... "
කියල ලගින් ගිය කෝච්චියේ ගාර්ඩ්ටත් ඇහෙන්න අර අයියලාට කිව්වලු..
_______________________________________________________________________________________
පී.එස් - ඉතින් අර අයියලා ටික මිනිහට තක්සලාවෙදී තෙල බහින්න උපදෙස් දීලලු පස්සේ.. අනේ වාසනාවන්...... :P
ඒ විතරක් නෙවේ දෙයියනේ කියලා කිකා මේක කිව්වට පස්සේ අපිත් මතේට මුකුත් කිව්වෙ නම් නෑ.. නිකන් ලගින් යනකොට සීරුවෙන් ඉදලා පෙන්නනවා විතරයි..
මේක ලිව්ව මම ඇනෝ කෙනෙක් :P
සාටරේ කොහොමද ?
සුපිරී මචෝ... අපිනන් ඉතින් ඔය ඇනෝව දන්නවා... :පී
එළ.. එළ.. මතක් වන කොටත් අඩනවා තනි අහට. හැබැයි ඔය සිද්දය උනේ කලුතර දි නමෙයි, බම්බලපිටිය ස්ටෙෂන් එකදි ..
මතේ
කවුද බන් ඔය ඇනෝ....?
හා හා හා මමත් දන්නවා ඇනෝව... ;)
මේ කතාව මීට වඩා හොඳට ලියන්න තිබ්බා.... :ඪ්
:O ජේෂ්ඨ අයියා කෙනෙක්ගෙන් අහලා දැනග්න්න බැරිද දන්නෙ නෑ වැඩිවිස්තර ;)
@hithuvakkari: oyatath one nathi deyak naa ne :P
හිතුවක්කාරී- බැරි වෙන එකක් නෑ.. කොල්ල ඒකාලේ මාර ප්රසිද්ධයි.. ;)
ඇට් ටොන්ක්ස් - ඔයාගෙ එකමයි ඔයාටත් කියන්න තියෙන්නේ... :P
@uganda: ai moko maava batch eken halala da??? :P