කින්නාගේ කරාටි කෑම


.



කවුරු කවුරුත් තම තමන් දන්න සාටර් කතා ලියපු නිසා මාත් හිතුව දන්න කියන සාටරයක් ලියන්න ( දන්න කියන කිව්වට වෙච්ච දේ දන්නේ තුන්දෙනයිද කොහෙද :P ).......


ඇත්තටම මේක සිද්ද වුනේ අපේ පලවෙනි සෙමෙස්ටරය මුල් බාගයෙදි. අපිට හොදට අපෙ අයියලා තෙල් එහෙම ගාල තිබුන නිසා අපෙ එවුන් හිටියෙ ගමකට උනත් ගහන්න පුලුවන් කික් එකේ ( කියලා හිතන් හිටියා )...


ඔන්න ඉතින් ඒ කාලෙම තමයි අපේ එවුන්ට අතේ පයේ හිරි ඇර ගන්න ඕනෙ වෙලා කට්ට්ය රොත්ත පිටින් කරාටේ ගහන්න ගියේ.
ඔය ගිය සැට් එකෙ හිටියා කින්නා කියලා බරපතල සාමාජිකයෙක්.
කොච්චර බරපතලද කියලා කියනව නම් මිනිහා නිකන් ජංගම ICU එකක් වගේ.. කොයි වෙලේ බැලුවත් ඇඟේ ප්ලාස්ටරයක් වරදින්නේ නෑ..


ඉතින් මේ කතාව සිද්ධ වුනේ කින්නා හාහාපුරා කියල පුහුණු විම් අපු පලවෙනි දවසේ.


ඔන්න ඉතින් කින්නා ට පෙර කල මහානුබාව පුණ්‍ය කර්මයක බල මහිමයෙන් පුහුණු විම් කටයුතු කොරන්න සෙට් උනෙ අපි කවුරුත් හොදට අදුනන කැලේ අයියා.ඒ හින්දද මන්දා කින්නා කට පුරවලා හිනාවක් එහෙම දාල පුහුණුවිම් පටන් ගත්තලු.




ඒ පටන් ගත්තු වෙලේ ඉදන් එහෙන් මෙහෙන් උඩින් යටින් කැලේ අයියා ගහන ගහන ගොඩක් පාරවල් වලක්වන කින්නාව දැකපු අවට හිටපු හැමෝම හිතුවේ කින්නාටත් කැලේ අයියට වගේම හොද අනාගතයක් තියේවි කියලයි.


කොහොම හරි ටික වෙලවක් යනකොට අර කොමල හිනාව අතුරුදහන් වෙලා ටිකක් විතර අබ්ලික් හිනාවක් මූණට ඇවිත් තිබුනා ( හිනාවක් කියලා කිව්වේ ඉස්සරහ දත් 4 පෙනුන හින්දා.. ).හැබැයි කින්නා ෆුල් ගේමෙන් පුහුණුවිම් ඉවර වෙනකන් හිටියා.


මොනා උනත් පුහුණුවිම් අවසන් කොරලා අපෙ තිබ්බ බඩජාරි කමටද කොහෙද ඇරපු එකට යන්න තිරණය කොලා.ඔය යන අතර තුර තමයි මේ කථාබහ ඇතිවුනේ......


ගුරා : කොහොමද බං අද ප්‍රැක්ටිස් ?


කින්නා : අවුලක් නෑ......


ගුරා : මොකෝ බං නිකන් සද්දයක් නැත්තේ..? කැලේ අයියා බොක්කෙන්ම ප්‍රැක්ටිස් කරනවා නේ??


කින්නා : අනේ අම්මපා එකනම් ඇත්ත...මට වැදුන පාරවල් වල හැටියට උඹලා හිටපු නිසා ඈඩුවෙ නෑ.. තාමත් මට නිකන් *** බරයි වගේ බං........


_______________________________________________________________________________________


පී.එස් - ඔන්න ඔහොමයි අපේ කින්නා කොල්ලා කරාටි ගැහුවෙ.එදයින් පස්සෙ මිනිහා කැලේ අයියා දැක්කොත් කකුල් දෙකට පින් දිලා හෙමීට මාරු වෙනවලු.


ආහ්.. වැදගත්ම දේ අමතක උනානේ කියන්න.මගේ නම කිරියා හොදේ... ;)

සාටරේ කොහොමද ?

8 Responses to “කින්නාගේ කරාටි කෑම”

  1. thaaruu says:
    This comment has been removed by the author.
  2. IsuNira says:

    K. කින්නා,,,,,,
    පට්ට නම නේ,,,,,එල කොල්ලෙක් දැම්මෙ ඔය නම

  3. thaaruu says:

    kavuda nama damme :P

  4. IsuNira says:

    එල කොල්ලෙක් කිව්වම තේරෙන්නෙ නැද්ද???? හැබැට ඔයා කව්ද Tonks???

  5. thaaruu says:

    Tonks da???? hahaha kavuru kiyalada hithanne nira :P

  6. IsuNira says:

    මම දන්නවා,,CMPS වරෙන්කො අල්ල ගන්න,,,:P

  7. thaaruu says:

    o.O haffoy.... :P me moko me :P

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..