Archive for 2012

කිරියා සහ ගිරියා...


.






ටිකක් පරණ උනත් මරේ මරු කතාවක්. ඔන්න එහනම් මේ කියන්න හදන්නේ අපෙ කිරියගෙ film බැලිල්ල ගැනයි. කතාව කියන මම ඇස්සා...

කිරිය ගාව  Tute  1කේ පිටුවයි පිටුවෙ තියන වචන වල අකුරුයි කියන්න පුලුවන් ගිරවෙක් ඉන්නව කියල ඔක්කොමල දන්නවනෙ.....

ඉතින් Exam 1ට පාඩම් කරන්න කියල කිරිය අයියගෙ ගිරවත් අරගෙන කට්ටිය සෙට් වුනාලු Library 1ට...
ටිකක් වෙලා යද්දි මොකෙක් හරි ෆිස්සෙක් කට තියන් ඉන්න බැරි කමට film ගැන කියවන්න පටන් ගත්තලු...

ඕව ගැන කියද්දි මටත් ඉතිං කට පියන් ඉන්න බෑනෙ....

ප්‍රථම වතාවට හා හා පුරා කියල බලපු බයහිතෙන (horror) film 1ක ගැන කිව්වලු ඉතින් (ඒක බලපු විදිහ කවුරුත් දැනගන්න ඔනෙ නෑ හරි....)

මේ වෙලාවෙ අපේ කිරිය අයිය එයාගේ ගිරවගෙ Dictation check කරන ගමන්ලු හිටියෙ...

ෆිල්ම් එකේ නම ඇහුන විතරයි ගිරවත් පැත්තකට දාල එක පාරටම
"මොකක් ගිරිරාජ්" 
කියල කෑ ගැහැවෙ නැතෙයි...
කට්ටිය හිනා වෙන්න ගත්තහමලු තෙරුනෙ කිරිය මෙච්චර වෙලා "ගිරිරාජ්" ගැන හිත හිත හිටිය 1ක මාට්ටු කියල...

ඒක ශේප් උනා කියමුකො... 

හැලෝ…..කවුද කතා කරන්නේ…..!


.


මේ සිද්දිය සිදු වුනේ පසුගියදා පැවති අපේ අවුරුදු උත්සවට පෙර දින රෑ. එදා නයිට් ගහන්න අපේ බැචලා 25 විතර හිටියා. 
වේලාව රෑ  1.25 යි. භවනේ ඒ වෙලාවේ හිටියේ  ‍රැන්ඩමා,කින්නා, ඇයියා, මතේ හා කිකා කියන කට්ටිය.

"අපි කාටහරි call කරමුද..?" යෝජනාව කින්නාගෙන්.

"අපි නල් ට කොල් කරමු."

රින්...රින් 
නල් ගේ දුරකතනය නාද වෙනවා. ටික වෙලාවකින් ඔන්න නල් කතා කරනවා එහා පැත්තෙන්.

"හැලෝ..හැලෝ.... හැලෝඕඕඕඕඕ...."

නල් නිදි මරගාතේ හැලෝ කියනවා.

"හැලෝ මේ අපි කතා කරන්නේ කොලඹ තක්සලාවෙන්, අපි ගාව java code එකක් තියනවා. එක compile කර ගන්න පුලුවන් ද කියලා දැනගන්න කතා කලේ" මතේ අහුවා.

" ඇහ්.. හැලෝ....." බය වෙච්ච නල් දුරකතනය විසන්දි කලා.

"මූ, cut කලා නේද? ආපහු ගනින්. කතා කරන්නේ ජාවා සර් කියපන්" 
කිකා කියුවා.

ආපහු කිප විටක් කතා කලද නල් සැමවිටම දුරකතනය විසන්දි කලා.

"කිරියා ට ගනින්, ඕකාව අල්ල ගන්න ඔනා"

හ්ම්..හ්ම්.. 

"ඔබ ඇමතු දුරකතනයෙන් ප්‍රතිචාරක් නොමැත......."
එහා පැත්තෙන් ගෑනු ලමයෙක් කිව්වා. කිරියා phone එක off කරලා.

"පම්බා(අයේශන්) ට කොල් එකක් ගමු, කතා කරන්නේ wisdom එකෙන් කියමු"
යෝජනාව ඇයියාගෙන්.

රින්...රින් දුරකතනය නාද වෙනවා.

"හැලෝ මේ කතා කරන්නේ Wisdom Institute එකෙන්. ඔයා මෙ පාර CIMA exam කලා නේද? ඔයාට prize එකක් තියන්නවා. එක කියන්නයි කතා කලේ."

කූසා ගේ කැමැත්ත


.


2011 වසරේ නොවැම්බර් මාසය -

කස්ටියටම හොඳට මතක ඇතිනේ. කොහොම අමතක වෙන්නද, ඒ මාසේනේ අපි හමෝම ජීවිතේටම අමතක වෙන්නේ නැති, අතිශය බිහිසුණු අත්දැකීම් ගොඩකට මූණ දුන්නේ.


ඉතිං මේ කියන්න යන්නේ ඒ වගේ එක 'අතිශය බිහිසුණු' ගණයට වැටෙන සිදුවීමක් ගැන. මේ කතාවේ කතා නායක තමයි අපේ තුන්මුල්ල තක්සලාවේ Rowing කණ්ඩායමේ නායකයා (කියලා හිතාගෙන ඉන්න) වන, එම කණ්ඩායමේම උප නායකයා (කියලා හිතාගෙන ඉන්න) වන බූලා නොහොත් පැම්පා සමඟ අතිනත ගෙන සිටින කවුරුත් හොඳින් දන්න අඳුනන කූසා.


දැන් මිනිහට මෙච්චර විශේෂණ පද, උපමා, සමාන පද, විරුද්ධ පද, යුගල පද තියන නමක් තිබුනට ඉස්සර නම් නිකම්ම නිකම් කූසා විතරයි. ඒ කාලේ මිනිහා කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ (ඇහැක් වහලමයි බැලුවේ).


දැන් එහෙනම් කතාවට එමුකො. ඔන්න දවසක් අපි දේශන එහෙම ඉවර වෙලා ගුලට ඇවිත් එතනින් බවනට එන්න පිටත් උනා. කොල බංකුව ගාවින් යනකොට එක පාරටම,




"මල්ලි මල්ලී මෙහෙ එනවා"


කියලා සද්දයක් ඇහුනා. බැලිනම් අපේ කූසා ට තමයි කතා කොරලා තියෙන්නේ සුපිරි ජේ‍‍ෂ්ඨ අයියලා අක්කලා කස්ටියක්.


"නංගී උඹත් එනවා"

ඒ පාර කතා කලේ කැහැට්ටිට. ඉතින් දෙන්නම එතනට ගියා.


"වාඩිවෙනවකෝ දෙන්නම ඔතනින්"


එක ජේ‍‍ෂ්ඨ අයියා කෙනෙක් කිව්වා.


අපිට එතකොට තේරුනා වැඩේ ජල්බරි වේගනයි යන්නේ, තවත් එතන ඉඳීම ශරීර සෞඛ්‍යට හොඳ නෑ කියලා. ඉතිං මුන් දෙන්නා වාඩි වුනාද කියලා බලන්නෙත් නැතුව අපි අවා භවනට ඇවිදගෙන (ඇවිදගෙන කිවුවට දුවගෙන වගේ තමයි ආවේ).


ඔන්න විනාඩි 20කට විතර පස්සේ කැහැට්ටි එනවා භවන පැත්තට. ඒත් කූසා පේන්න නෑ. අපිත් ඉතිං තව ටිකක් බැලුවා. එතකොටයි දැක්කේ ඌත් එනවා කැහැට්ටිට කිලෝ මීටරයක් විතර පිටිපස්සෙන්. සිද්ද උනේ මොකක්ද කියලා මූ කිවුවෙම නෑ. පස්සේ කැහැට්ටි තමයි විස්තරේ කිවුවේ.


මෙන්න මේකයි වෙලා තියෙන්නේ. කැහැට්ටියි කූසා යි කොල බංකුවෙන් වාඩි වුනාට පස්සේ,




සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "නංගී උඹ ගොඩ ගිහින්ද?"
කැහැට්ටි : "ඔව් අයියේ..."






සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "ඇතුලෙන්ද පිටින්ද ?"
කැහැට්ටි : "පිටින් අයියේ..."






සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : (කුසා දෙසට හැරෙමින්) "එතකොට උඹත් ගොඩ ගිහින්ද ?"
කූස : (ඇඹරෙමින්) "නෑ අයියේ"






සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "ගොඩ යන්න කැමති නැද්ද ?"
කූසා : "නෑ අයියේ"


සුපිරි ජේ‍‍ෂ්ඨ අයියා : "උඹ මේකිට කැමතිද ?"

ඇස්සා සහ පැති 5 අටපට්ටම


.




හුග දවසකින් බ්ලොග් එකට මුකුත් ලිව්වේ නැති හින්දා නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවෙ හිතුව ලියන්න කියල අපේ වෙච්ච දෙයක්.. 
මේ සිද්ධිය කොච්චර පරණ කතාවක්ද කියනව නම් මේක වෙලා හරියටම දවසයි..

මේක උනේ කොයි වෙලෙත් පයින් ගහන්න බලන් ඉන්න අපේ ඇස්සට..


ඔන්න ඉතින් ලග එන වෙසක් උත්සවයට වෙසක් කූඩු හදන්න කියලා අපේ බැචාලාට කලින් දවසේ මැසේජ් එකක් ලැබුනා..


අපේ පලවෙනි සමූහ ක්‍රියාකාරකම හින්දා සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව ඉතින් පුලුවන් විදියට අනිත් අයට මැසේජ් එක යවලා අඩු ගානේ බවන පිරෙන්න වත් කට්ටිය එයි කියලා හිතුවට මොකද සෙනසුරාද හින්දා කට්ටියට ඇද දාල එන්න බැහැයිලු.. 
පව් ඉතින් වෙනදා ඒ වෙලාවටම ලෙක්චර් එකේ නිදියන පුරුද්දට වෙන්නඇති.. :P



කොහොම කොහොම හරි කොච්චර අඩු උනත් ආපු කට්ටිය ඇවිත් 9 ට විතර වැඩ පටන් අරන් තිබ්බ..ඉතින් උගන්ඩා එනකොටත් කට්ටිය වැඩ පටන් අරන්..;)


අලවන්න කූඩු 200 ක් විතර තිබ්බ හින්දා කට්ටිය එකතු වෙලා තමයි කූඩු ඇලෙව්වේ..


ඉතින් දැන් මේ කියන්න යන සිද්ධිය වෙනකොට 3 ට විතර ඇති..


අපේ කට්ටියට උදේ ඉදන් කූඩු අලවලා මහන්සි හින්දා ඉදගෙන පොඩි චැටක් දාගෙනලු හිටියේ ඒ වෙලාවෙ..
ඔක්කොම නම් නෙවෙයි ඉතින්.. තව දෙතුන් දෙනෙක් කූඩු අලව අලව හිටියේ..


ඔන්න ඔය සෙට් එක අතර හිටියා තනි අතින් කූඩු අලවන අති විශේෂ පුද්ගලයෙක්.එක අතකින් ෆෝන් එකට කොටන ගමන් අනිත් අතින් විනාඩි 10 කට එක පාරක් කොල අලවන ඇස්සා තමයි මේ..

මොලේ Flash


.


මේ සිද්ධිය වෙලා ටික කාලයක් උනත් මේක හොදයි කියල හිතුන නිසා ලියන්නෙ.....

ඔන්න ඉතින් තුන්මුල්ලෙ තක්සලාවෙ වෙනදා වගෙම වැඩ කිඩ හමාර කොරපු උගන්ඩයි , කිරියයි , කින්නයි ගෙවල් දොරවල් කරා පිටත් වෙන්න කියල එලියට බැහැල බස් හොල්ට් එකට පයින් ගාටනකොට හිනෙන් නැගිට්ට වගෙ උන්නු කින්න කියපි..



"මචන් අපි බම්බලපිටියට පයින් යමුද" කියල.



ඕක අහපු උගන්ඩත් අර කලා මෙව්ව එකේ වැඩලා ඉන්න සුරුපි ලලනවන් දකින්න තියන ආසාව නිසාම නිසා "හා" කිව්ව.......



ඔන්න ඉතින් තුන් දෙනත් එක්ක අවට සිටි නරඹමින් , හෙමින් හෙමින් යනකොට අතපය තියන් ඉන්න බැරි කමට කිරිය කොට්ටම්බ ගහක් යට තිබුන කොට්ටම්බ ඇටයකින් උඩන්ඩගෙ ඔලුවට ලාවට වගෙ පාරක් දුන්න...



 

මම මේ මෙච්චර වෙලා කතාවට පොඩි ස්ටාට් එකක් දුන්නෙ.....ඔන්න දැන් තමයි පට්ටම සීන් එක පටන් ගන්නෙ....

 

අයියේ අයියේ , මම කොහෙද යන්නෙ???


.


දිනය - 2012 මාර්තු 29
වේලාව - පස්වරු 4.35


කතා නායක : "මචන්, Econ Assignment එක සබ්මිට් කරන්න තියෙන්නෙ කීයටද??"


මම : "4.15ට බන් සබ්මිට් කරන්න තිබ්බෙ, උඹ තාම කලේ නැද්ද??"


කතා නායක : "තාම නැහැ බන්, අඩෝ පොඩ්ඩක් ගිහින් බලපන්කො Office එකට තාම සබ්මිට් කරන්න පුලුවන්ද කියල"


මම : " මම ඉන්නෙ ඉස්කෝලෙ බන්, ඇස්ස යුනියෙ හිටියා උගෙන් පොඩ්ඩක් අහල බලපන්"


උඩ තියෙන දෙබස කියෙව්වාම හිතාගන්න පුලුවන් නේද අද කතා නායකය කව්ද කියල...


ඔව් හරියටම හරි.... අකුරට, වෙලාවට වැඩ කරන පැම්පා ගැන තමයි :ඩී

පැම්පා, බූල සහ තවත් නොයෙකුත් සුරතල් නම් වලින් අමතන අපේ faculty එකේ උනත් වැඩිපුරම අර දඬුවම් දෙන ෆැකල්ටි එකේ ඉන්න එකා ගැන තමයි අද කතාව... ඇත්තම කිව්වොත් මේ ඩයල් එක ගැනනන් මෙගා සීරිස් එකක් උනත් ලියන්න පුලුවන්...දැනට ආරම්භයක් විදිහට මම පොඩි සාටරයකින් වැඩේ පටන් ගන්නම්කො...

දැන් කියන්න යන කතාව සිද්ද උනේ අපේ අභාගය " aka විභාගය " ඉවර වෙච්ච දවසෙ අපේ කට්ටිය අභාගය අවසන් වීමෙ ප්‍රිතිය සමරන්න ගල්කිස්ස පැත්තට යනකොට තමයි...
ඔන්න අපේ කට්ටිය 50ක් විතර තුම්මුල්ල තක්සලාව ලගින් 155 බස් එකට ගොඩ උනා කියමුකො...
පොඩි වෙනසකටත් එක්ක කට්ටිය කතා උනා වෙන වෙනම ටිකට්ස් ගමු කියල (සල්ලි දෙමු කියල තමයි කතා උනේ,මොකද කොන්දොස්තර අයිය ටිකට්ස් දුන්නොත්නෙ ගන්න වෙන්නෙ ;) ).


හැබැයි අපි මොනව කතා කරගත්තත් පැම්පා කිසි දෙයක් අහගෙන නෙමෙයි හිටියෙ... මොකද වෙනද වගේම අන්තර් පීඨ සහයෝගිතාවය වැඩි කරගන්න දඬුවම් දෙන පීඨයත් එක්ක ඔන්ලයින් සාකච්චාවක තමයි හිටියෙ.
ඔන්න ඉතින් කොන්දොස්තර අයියා එක එක්කෙනාගෙන් සල්ලි අරගෙන එනව... හැබැයි පැම්පා තාම අන්තර් පීඨ සාකච්චාවෙම තමයි,,,
කොන්දොස්තර අයියා ආව පැම්පා ගාවට, පොඩ්ඩක් බලන් හිටිය... පැම්ප නෙමෙයි ඇහැක් වත් ඇරල බැලුවෙ... පොඩි තට්ටුවක් දාල බැලුව... ඒත් නො රෙස්පොන්ස්... වැඩේ හරියන්නෙ නැති බව දැනගත්තු කොන්දොස්තර අයියා...
 
"මල්ලි මල්ලි කොහෙද යන්නෙ??? සල්ලි ගන්න,සල්ලි ගන්න...."


                   * කව්ද අඩෝ මගෙ සාකච්චාව මැදට පැන්න ගෙම්බා *

මට ටිකක් නින්ද ගියා බන්


.



මේකත් තක්සලාවේ අපේ එකේකුට වෙච්ච සිද්දියක්. මැන්ස් තමයි ඇයියා .කාඩ් එකෙන් වැඩිය ප්‍රසිද්ධ නැති නිසා ලොකල් නමින්  කියුවොත් මිනුර.

ඔන්න කට්ටියට මතක ඇතිනේ අපේ Sports Day එක. කොහෙ අමතක වෙන්නද.. එකේ අන්තිමට තිබුනා  DJ  එකක්.. ඒකට ටික දෙනෙක් හිටියෙ නැති උනාට අපේ බැචාල ගොඩක් ගැහැණු , පිරිමි බේදයක් නැතුව ඉදලා විනෝද උනා..


අර හිටපු නැති අයගෙන් කෙනෙක් තමයි ඇයියා..

ඇග පත තිබුනට යම්තම් කලුවර වැටිගෙන එන කොට ඇයියා ට පොඩි බයක් හිතිලා මැන්ස් කාටවත් නොකියා  Shape එකේ මාරු උනා. මිනිහා කෙලින්ම ගියෙ බම්බලපිටියේ ස්ටෙෂමට, කොච්චියෙන් ගෙදර යන්න හිතාගෙන.

හුටා, කොච්චි නැහැ


ආපහු තියෙන්න 8.02 අලුත්ගම එක. මොනවා කරන්නද? හෙමිට බංකුවක වාඩි උනා.

අවුරුදු හා අපේ කට්ටිය


.


ඔන්න හා හා පුරා කියලා අළුත් අවුරුද්දත් ලැබුවලුනේ..
මේ ටිකේ අපේ අය අවුරුදු හින්දද මන්දා වැඩි සද්දයක් නෑ.. ඉතින් ඒ මොකද කියලා බලන්න අපි දෙන්නෙක් තුන්දෙනෙක් විතර පොඩි මෙව්ව එකක් කලා..
ඒ මෙව්ව එකෙන් දැනගත්ත විදියට මෙන්න මෙහෙමලු අපේ ගොඩක් අය මේ ටිකේ ඉන්නේ...


❀ කට්ටියක් කන්න තියෙනව නම් මලත් කමක් නෑ කියල අම්ම යනකන් කුස්සිය දොර පිටිපස්සේ හැංගිලාලු..
ඒ කට්ටිය ගෙවල් වල ඉදන් කැවුම් කොකිස් කෑවට කමක් නෑ.. තක්සලාවට එනකොට පාර්සල් 7 ක් 8 ක් වත් බැඳගෙන එන්න කියල ඇස්සා කියන්න කිව්ව..


❀ ඒ අස්සේ තව සමහරු කැලෙන්ඩරේ අප්‍රේල් 13 තිබ්බට මොකද තාම කොහා කෑගහනකන්ලු බලන් ඉන්නේ..


❀ සමහරුන් නම් අවුරුද්ද තියා මොක ආවත් මූණු පොතේ දවසේ පැය 32ම ඉන්නවලු දත් 24ම දාගෙන.. ( තඩීට නෙවේ කිව්වේ ඕන්.. )


❀ තව එක්කෙනෙක් මේ දවස් වල එයා ගැන හිත හිත එයා කරන ඒවට LIKE , Comments දම දම ඉන්නවලු.. තොප්පිය හරි ගිය කෙනා ( අය ) දාගන්නකො ඉතින්..


❀ අනේද කියන්නේ සමහරු ගැන නම් සෙමෙස්ටර් විභාගෙන් පස්සෙ තාම ආරංචියක් නෑ.. හැබැයි අපරාදේ දානයක් එහෙම මිස් වෙලාද දන්නේ නෑ අපිට :P


❀ ඒ අස්සේ අපේ ගුරා අවුරුදු උත්සව පැත්තේ ගිහින් තක්සලාවෙ වගේ කවන්න කෙනෙක් හොයනවා කියලයි ආරංචිය.. කෙසේ වෙතත් ගුටි නොකා ආවොත් ඒකත් ඇති..


❀ අප්‍රේල් 1 වෙනිදා තම 49 වන උපන්දිනය සැමරූ සලාන් ඉදහිට මූණුපොතෙන් මතු වෙන අතර මොකක් හරි Post එකකට රට හෙල්ලෙන Comment එකක් දමා නැවත අස්ථාන ගත වෙයි..


❀ ඒ අස්සේ අපේ කුඹලා කලින් තිබ්බ අර අගල් 5 ෆෝන් කැමරාව වෙනුවට තව අඩි 2 විතර කැමරාවක් එනකන් අහස දිහා බල බල ප්ලේන් වලට අතවනනවලු..

මැගිලින්ගේ බිස් පාඩම


.

ඉතින් මේ කියන්න යන සාටරේ වෙලා තියෙන්නේ තුන්මුල්ල තක්සලාවේ අපේ පළමු විභාගය පටන් ගන්න ටික දවසකට කලින්.

ඔන්න එකෝමත් එක දවසක අපේ කිරියා, මැඟී සහ මැගිලින් කියන තුන්දෙනා තුන්මුල්ල තක්සලාවේ පුස්තකාලයට ගොඩ වැදුනලු පාඩම් කොරන්න කියලා. තුන්දෙනා කතා වෙලා ගිහින් තියෙන්නේ "බිස්" පාඩම් කරමු කියලා තමයි.


දැන් ඉතින් කස්ටිය කල්පනා කොරනවා ඇති මොකක්ද දෙයියනේ මේ "බිස්" කියන්නේ කියලා. "බිස්" කියලා කිව්වේ Business Information System ( BIS ) කියන එක කෙටි කොරලා.


තුන්දෙනා දැන් නමෝ විත්තියෙන් දකුණු පය පෙරට තියලා පුස්තකාලෙට එහෙම ඇතුලු වෙලා වටයක් ගහලා හොඳ වාසනාවන්ත ඩෙස්කුවක් තෝරගත්තලු පාඩම් කොරන්න. ඉතින් රාහු කාලය එහෙම බලලා අපේ මැඟී පටන් අරගෙන තියනවා පළවෙනි tute එක බලන්න.


ඔන්න දැන්
මැඟී "බිස්" tute එක බලන ගමන් අනිත් දෙන්නටත් කියලා දෙනවලු. අනිත් දෙන්නත් කට ඇරගෙන අහගෙන ඉදලා තියනවා.

ටාසන් ද අපේ මෑන්...


.



'ගුඩ් මොර්නිං'  ඔර්  'ගුඩ් ඊවිනින්ග්'   ඔර්  'ගුඩ් නයිට්'  කියගෙන ඔන්න උදේ පාන්දර මතක් වෙච්චි මෙව්ව එකක් ලියල දාන්නලු යන්නෙ ඉතින්...


අපේ සැට් එකේ ඉන්න මහා දරුණු මනුස්සයෙක් ගැන තමයි ඔන්න මේ....


දරුණු කිව්වහම බයවෙන්න එපා...මෙයා ජීවිතේට මනුස්සයෙට අත දිගඇරල පහර දෙන කෙනෙක් නෙමේ.. [ බැරි කමකට එහෙම නෙමේ........( කියල හිතන් ඉන්නවා ) :P ]


හැබැයි පුතේ මොනා හරි ගොන් වැඩක් කර කර ඉන්නකොට ෆොන් එක කනේ තියාගෙන ලගින් ගියා කියන්නෙ....අපේ ඡායාරූප 2ක් ඔර් 3ක් අනිවා ඩෙෆා එයාගෙ අර අඟල් 5ඒ මෙව්ව එකේ තියනවමයි....( මෙව්ව එක කියල කිව්වෙ...එක ෆොන් එකක් ද කැමරාවක් ද කියල තාම කාටත් ෂුවර් නැති හන්ද හරිය..)


අහ් හරි හරි කට්ටිය හිතන් ඉන්නව හරියටම හරි...කුඹලා තමයි මෑන්ස්..


එහෙනම් අපි දැන් කතාවට එන්ටෙර් වෙමුකො..


ඔන්න අර පාඩම් කරන්න කියල නිවාඩු දුන්නු දවසෙ කට්ටිය.. ෆුල් පන් එකේ පිස්සු නට නට ඉන්නකොට අපේ පන් ඇවිල්ල ' මහා ජරා' ආරංචියක් දුන්නෙ නැතෙයි.. ගම කනව..


" ජාව Assignments වල Final Grades දාලලු ඕයි… :O "


ඉතින් ඕන කෙහෙල් ගෙඩියක් වෙන්න කියල.. ඔක්කොමලා ලකුණු බැලුවලු ඕං..
 ලකුණු බැලුවට පස්සෙ සමහරුන්ගෙ මූනවල් නිකන්.......... හැබැයි ඔක්කොටම වඩා මූණ කජු ලෙල්ල වගේ කොරන් හිටියෙ කුඹලලු...


"ඇයි බන් ?? අස්පට් ද ?? " කියල අහපුවාම කුඹල කියපි..


" මට 'මෙව්ව එකක් ' බන් තියෙන්නෙ" (මෙව්ව එක ඔනෙ නෑ කාටත් හරිද?? )


දෙන්න හිතෙනව ඔය වෙලාවට වොන්ඩල් බාල් එකක්!!.. අනිත් අයට මෙව්ව තියා අරවවත් නැතිකොට මේකා පිස්සු කියනවනේ..


කොහොම කොහොම හරි කට්ටිය පිට්ටනිය පැත්තට ඇවිදන් ගියලු ලකුණු ගැන කතා කිය කිය….
ඔන්න අපේ එකෙක් කුඹලට මොනාද කියන්න "මචන් කුඹල..."  කියද්දි...


අපිත් එක්ක ආපු කුඹල පේන්න නෑලු......


ඇස්සා සහ 20ට ටිකට්


.




ඔන්න ඉතින් නත්තල් කාලේ පහු වෙච්ච හින්දා අපිට පොඩි නිවාඩුවක් වගේ එකක් හම්බ වෙලා ඒ කාලේ නත්තල් ගහක් හින්දා අපේ බැචේ ජනප්‍රියම කොලුවා වෙච්චි ඇස්සලාගේ ගෙදර යන්න කට්ටිය කතා කරගත්තලු..


ගමන යන්න ලැස්ති කර ගත්තේ අපේ නත්තල් ගහ හදන කාලෙම තමයි... ඒ දවස් වල තිබ්බ මෙව්වා එකත් එක්ක කට්ටිය 30ක් විතර හාහා පුරා කියලා ෆන් එකක් ගන්න තමයි කතා කරගත්තේ..


ඔන්න ගමන යන දවසට කලින් දවසේ කීදෙනෙක් එනවද කියල අහල අහල ඉවසන්නම බැරි විදිහට ඇස්සා කරදර කරපු හින්ද උගන්ඩා සල්ලි සල්ලි කියල බලන් නැතුව එනවයි කියල කිව්ව හැමෝටම කෙටි පණිවිඩයක් යැව්ව ( බොල් ණය = 0.31*18 + 0.62*13 )


හැබැයි අවාසනාවක මහත උනේ... හතරක් පහක් ඇරෙන්න වෙන එකෙක්වත් Reply නොකරපු එක... එහෙම උනා කියලා සැලෙන්නේ නැති උගන්ඩ, තවත් කෙටි පණිවිඩ්යක් යැව්වලු ඉතාම පහන් ස්වරයෙන් ( මේක යවන කොට බල බල Send කලේ.. මොකද වැරදිලා ගැහැණු ළමයෙක්ටවත් ගියොත් :P )...
එතකොටනන් ඉතින් සූ ගාල දහයක් දොළහක් විතර රිප්ලයි කරාලු...ඔහොම කොහොම හරි සෙට් වෙලා ඇස්සට කිව්වලු විස්සක් විතර එනව කියල...


මෙන්න මෙහෙමයි අපේ ට්‍රිප් එක යන දවසේ උදේ වුනේ....


1. අපි කලින් යන්න හිටිය දවසත් වෙනස් කරගෙන අනිවා එනව කියල හිටපු ගුරා


 " මචන් මට වැදගත්ම වැඩක් තියෙනව,සොරි බන් එන්න වෙන එකක් නැහැ.... "


2. එන්නේ නැහැයි කියපු කට්ටියට කලින් දවසේ බැන බැන හිටපු පියෝ


 " මචෝ අද මට මම ඉස්සෙල්ල වැඩ කරපු තැනට යන්න වෙලා තියෙනවා.. කලින් යටිමඩි ගහපුව ටිකක් මාට්ටු වෙලා වගේ.. උඹල පලයල්ලකෝ ... "


3. මෙහෙම සෙට් වෙමු , ගිහින් අරහෙම කරමු කියලා කලින් දවස වෙනකන් කිය කිය හිටපු පොලු පිලිබඳ විශේෂඥ සුරන්නගෙන් තාම Reply නෑලු..




ඉතින් කොහොම කොහොම හරි අන්තිමට කට්ටිය ඔය විදිහට අඩු වෙලා ඉතුරු උනේ හත් දෙනයි... හැබැයි ඒ වෙද්දි කට්ටියට සැහෙන්න මළ විකසිත වෙලයි හිටියේ ( ඩීප් බ්‍රෙත්.. හරී... 1 , 2 , 3 ... 20 )


මොකද කියනවනන් ඇස්සට විස්සකට විතර කෑම හදන්න කියල යන්න සෙට් වෙලා ඉන්නේ හතයි...
ඔන්න එතකොටම  ' රෑ සිහිනෙන්.. ඔබ ලග මා සැනසෙනවා.. " කියලා උගන්ඩාගේ ෆෝන් එක රින්ග් වෙනවලු.. ඒපාර අවුලෙන් හිටපු එවුන් ඔක්කොම සින්දුව ඇහිල දැන් උගන්ඩා ෆෝන් එක ගන්න කන් බලන් ඉන්නවා.. උගන්ඩත්  " අනේ වැරදි කවුරුත් නම් කෝල් කරන්න එපා ගෙදර එනකන් සා වෙන්න වෙන්නෙ" කියලා හිතලා බලදිදි ඒ හැමදාම වෙලවට එන පැම්පාලු..

( මට මේ ලියන වෙලාවේ හිතුනෙ ඕන්.. පැම්පා මේපාර අවුරුද්දේදි නව සඳ බලන නැකතට ගණුදෙනු කරයිද දන්නේ නෑ :P ).


" මචන් මමත් එනව යන්න.උඹ තාම ගෙදරනේ ? මම එනකන් හිටපන් හරිද?? තාම 8 යිනේ වෙලාව "


කින්නාගේ කරාටි කෑම


.



කවුරු කවුරුත් තම තමන් දන්න සාටර් කතා ලියපු නිසා මාත් හිතුව දන්න කියන සාටරයක් ලියන්න ( දන්න කියන කිව්වට වෙච්ච දේ දන්නේ තුන්දෙනයිද කොහෙද :P ).......


ඇත්තටම මේක සිද්ද වුනේ අපේ පලවෙනි සෙමෙස්ටරය මුල් බාගයෙදි. අපිට හොදට අපෙ අයියලා තෙල් එහෙම ගාල තිබුන නිසා අපෙ එවුන් හිටියෙ ගමකට උනත් ගහන්න පුලුවන් කික් එකේ ( කියලා හිතන් හිටියා )...


ඔන්න ඉතින් ඒ කාලෙම තමයි අපේ එවුන්ට අතේ පයේ හිරි ඇර ගන්න ඕනෙ වෙලා කට්ට්ය රොත්ත පිටින් කරාටේ ගහන්න ගියේ.
ඔය ගිය සැට් එකෙ හිටියා කින්නා කියලා බරපතල සාමාජිකයෙක්.
කොච්චර බරපතලද කියලා කියනව නම් මිනිහා නිකන් ජංගම ICU එකක් වගේ.. කොයි වෙලේ බැලුවත් ඇඟේ ප්ලාස්ටරයක් වරදින්නේ නෑ..


ඉතින් මේ කතාව සිද්ධ වුනේ කින්නා හාහාපුරා කියල පුහුණු විම් අපු පලවෙනි දවසේ.


ඔන්න ඉතින් කින්නා ට පෙර කල මහානුබාව පුණ්‍ය කර්මයක බල මහිමයෙන් පුහුණු විම් කටයුතු කොරන්න සෙට් උනෙ අපි කවුරුත් හොදට අදුනන කැලේ අයියා.ඒ හින්දද මන්දා කින්නා කට පුරවලා හිනාවක් එහෙම දාල පුහුණුවිම් පටන් ගත්තලු.


සුභ උදෑසනක් අයියේ....


.


මේක ටිකක් පරණ සිද්ධියක්....


අර කාලයක් තිබ්බනේ අපේ ජේ‍‍ෂ්ඨ අයියලා අක්කලා අපිට තක්සලාවේ ඉන්න හැටි, කන්න ඕන හැටි, ඉඳගන්න ඕන හැටි කියලා දුන්නු. ඒ කාලේ අපිට කඩුව එහෙමත් තහනම් කොරලා නොවෑ තිබුනේ. කඩුවෙන් කැපීම සමාව නොදිය හැකි වරදක් විදියට තමයි ඒ කාලේ හැඳින්වුවේ.
ඔය අස්සේ තමයි අම්බුජා " අයියේ මට NOTES වගයක් ඡායාපිටපත් කරන්න තියෙනවා " කියල කියලා තියෙන්නේ..


ඒ කතා මේ කතා කොහොම වුනත් තක්සලාවට ආව මුල්ම දවස් ටිකේ තිබ්බනෙ "තෙල බෙදනවා" කියලා පොඩි මෙව්වා එකක්. "තෙල බෙදනවා" කියන්නේ මොකක්ද කියලා වෙනම අපි නිවාඩු පාඩුවේ දවසක කතා කරමුකෝ. හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ අයියලා අපිට තෙල නම් මදි නොකියන්න ගහලා තිබුනේ. :D


ඒක නිසා අපේ කස්ටියෙත් ඉතින් තෙල ඉහටම වැදුන හතර පස්දෙනෙක්ම හිටියා. ඒ එක්කෙනෙක් තමයි මතේ. මේ කතාවෙ තියෙන්නේ අපේ මතේ ට තෙල වැඩි වෙලා උන අකරතැබ්බියක් ගැන.



ඉතින් අපෙ මතේ දවසක් උදේ කළුතර දුම්රිය පොළේ ඉන්නවලු තක්සලාවට එන්න බලාගෙන.ටිකක් කාර්යබහුල වෙලාවක් හින්දා සැලකියයුතු ජනකායක් එහෙමත් හිටියලු වට පිටාවේ.
ඒ වෙලාවෙම මතේ දැක්කලු අපේ ජේෂ්ඨ අයියලා දෙතුන් දෙනෙක් විතර තක්සලාවට යන්න කෝච්චි ගත වෙන්න ඇවිදන් එනවා.ඒ මදිවට අයියලා එන්නෙත් මතේ ඉන්න දිහාවටලු..



ඒක දැකපු මතේට තත්පර 2 ක් 3 ක් යනකන් මතේලු..ඊට පස්සේ එක පාරටම දැන් නැගිට්ට වගේ කරේ තිබ්බ බෑග් එකත් බිම දාලා ෂර්ට් එක යට කරලා එකේ බොත්තම් එහෙම දාලද බලලා , කොන්ඩෙත් පැත්තට පීරගෙන කුමාරයා වගේ බලන් ඉන්නවලු..

කුඹලා සහ Ring වෙන කෑලි 3 Phone එක


.





පසු වදන පස්සේ කියවන්නකෝ.. හා හා පුරා කියලා උගන්ඩාත් ඔන්න පටන් ගත්තලු තවත් සාටර් කතාවක්  දිගාරින්න ..


_____________________________________________________________________


ඔන්න කැම්පස් පටන් ගත්තු කාලේ අපේ බැචාලා ටිකක් බය වෙලාලු නේ හිටියේ.. අලුත් තැනක අලුත් විදියට ඉන්න අපිව ඒ දවස් වල පුරුදු කර කර තිබ්බ හින්දා ඒවට හැඩගැහෙන්න මුලදි නම් ටිකක් අමාරු වුනා..


ඇඳුම් අදින්න ඕන හැටි , ඉදගන්න ඕන හැටි, බවනේ ඉන්න ඕන හැටි මේ වගේ ගොඩක් ජාති ඒ දවස් වල ඉගෙන ගත්තලු ඉතින්..




ඒ වගේම අයියල කියලා තිබ්බේ " මල්ලිල , නංගිල උඹලගේ ෆෝන් එහෙම තියෙනවා නම් OFF කරගනිල්ල " කියලා..
ඉතින් අපි ඒ දවස් වල මේ ඔක්කොම පිලි පැදගෙන, ෆෝන් OFF කරගෙන හිටියලු.




ඔන්න මේ කතාවෙ කතා නායකයා වන අපේ කුඹලට තිබුනලු සෝනි එරික්සොන් ( Sony Ericsson ) Phone එකක්.. නිකන් එකක් නෙවේ අගල් 5 කැමරාවකුත් එක්ක කෝල් ගන්න පුළුවන් එකක්..




කොහොමහරි අපි ආපු දෙවෙනි දවසෙ උගන්ඩයි , කොබායි හිටියේ මිනිහා ලග..
ඔන්න ටික වෙලාවක් යනකොට කුඹලා දඩි බිඩි ගාලා කලබල වෙලා සාක්කුවෙන් ෆෝන් එක අරන් කෑලි 3 කට ගලවලා සාක්කු 3 ක දාගත්තලු..


රෙජිස්ටාර් වීම හා ඉල්ලන් නෑම


.




ඔන්න එහෙනන් කුඹලත් නමෝ විත්තියෙන් සාටරේ ආරම්භ කරන්නයි හදන්නේ.....අපේ උගන්ඩා දාපු ශක්තිමත් අත්තිවාරෙමේ(ඌ එහෙම කියන්න කියල අපිට කිව්වා) පලවෙනි කබොක් ගලයි මේ....


සාටර් සිද්දි කොච්චර තිබ්බත් කොහෙන් පටන් ගන්නද කියල හිතා ගන්න බැරුව ඉන්න කොට අපේ අයියලගේ බ්ලොග් එකක දැක්ක එක වැකියකින් මගේ හිත අරන් ගියා අපි තුම්මුලෙ තක්සලාවට ගිය මුල්ම දවසට.....






2011 ජුලි 20 දෙවියනේ.............!!!! එදත් අපි හොදටම සාටර් උනා නේද???




එදා තමයි අපි නිල වශයෙන් තුම්මුලේ තක්සලාවට ලියාපදින්චි වෙන්න ආපු දවස... හිතේ පොඩි චකිතයක් තිබ්බ හින්ද ඉස්සෙල්ලාම කරේ දන්න අදුරන කට්ටිය සෙට් කර ගත්ත එක. මොනව කරන්නද ඉතින් ලෝකේ රවුම් වගේ සෙට් උනේ ඔක්කොම එකම ඉස්කෝලේ කට්ටිය....


ඔහොම සෙට් වෙලා ඇවිල්ල කොහොම හරි තක්සලාව ඇතුලට ගියා කියල කියමුකො... ඊට පස්සේ තමයි නන්නාදුරන මූනු සියගණනක් අතරේ අපේ මිතුරන්ව හොයන්න පටන් ගත්තෙ ..
පාසලේ මිතුරො,බුකියෙ මිතුරො ඒ වගේම නොකියම බැරි අපේ සුදු බන්ඩ මාමගේ හමුදා පුහුනුවෙදි හම්බ උන මිතුරො එකා දෙන්නා හම්බවෙන්න පටන් ගත්තා... ඔව්.... තිබ්බ බය ඔක්කොම නැති වෙලා තමයි ඒ වෙනකොට හිටියේ.... මොකද කියනවනන් එතකොටත් අපි එතන ලියාපදිංචි වෙන්න තිබ්බ පොළිම් පනින්න පටන් අරන් හිටියේ... මොනව කරන්නද පුරුද්ද තමයි ඉතින් ;)


කතාව ටිකක් දික් වෙන නිසා එදා වෙච්ච ප්‍රධානම දේට මම කෙලින්ම එන්ටර් වෙන්නම්.. අතර මැද කතා සම්පුර්ණ කරන එක අපි පස්සේ කරමුකෝ... ;)




ඔන්න කොහොම කොහොම හරි පුරවන්න තිබ්බ ඔක්කොම කොල පුරෝල කට්ටිය එලියට බැස්සලු ගෙවල් වලට යන්න කියල හිතාගෙන...




හැබැයි ගිය තැනකින් නොකා එන පුරුද්දක් නැති හින්ද කට්ටියගේ අදහස උනේ මොනවහරි ආමාශගත කරගෙනම ගෙවල් වලට යන්න...


ඔන්න එතෙනිනුයි කතාව පටන් ගන්නේ,,,


කොච්චර පන්ඩිතයො උනත් අපි ඒ වෙනකන් දැනන් හිටියෙ නැහැ කැන්ටිමක් තියෙන්නේ කොහෙද කියල.... ඔන්න එතකොටම කලුව හෙවත් ගුල්ල කට ඇරිය...



" අපෝ බන් උඹල ඕකවත් දන්නැද්ද... වරෙන් යන්න Science එකේ Canteen එකට "



එපාර ඉතින් ගුල්ලට මූලිකත්වය දීලා අපි පස් දෙනාම ගියාලු Science එක පැත්තට.... හැබැයි අපිව දකින දකින හැම එක්කෙනාම ටිකක් අමුතු විදිහට අපි දිහා බලනවා කියලා තේරුනත් "අපිට මොකෝ" කියල canteen එක ලගටම ගියාලු....



"මල්ලි මල්ලි...."



Welකම්


.



ඔන්න අපිත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් ගත්තලු..

එදාට එදාට තුම්මුල්ල තක්සලාවේ වෙන සාටර් කතා අපේ විදියට නොදන්න අපේ අයට බෙදන්නලු මේක හැදුවේ. කියන්න නම් ගොඩක් ඒවා තිබ්බට මොකද මේක පරක්කු වෙන්න පොඩි අවුලකට තිබ්බෙ මේකට නමක් නැති එක. අපේ විශාරද මට්ටමේ බැචාලා සැට් එකට හොදින් කිව්වට නමක් නම් හරියට හම්බ උනෙ නෑ ලු.. ඒ පාර ආයෙත් කලින් ටිකම BOLD කරලා Font එක මාරු කරලා එහෙම කිව්වට පස්සෙ අපේ උගන්ඩා ගෙන් ආවා නමක් බ්ලොග්ස් එකට.. මිනිහට එව්වට මෙව්වට නම් දාලා හොදට පුරුදුයි ලු නේ.. :P
 
" දන්නෝ දනිති "

ඒ නම තෝරගන්න කුඹලා, උගන්ඩා, ඇස්සා සහ ජටා දිවා රෑ නොබලා අද හවස් වරුවේ හෙන ගේමක් දුන්නලු..

කොහොම කොහොම හරි ජටාගේ " අපේ අසම්මත කතා " සහ ඇස්සගේ " වලක් හෑරුවොත් ගෙම්බෙක් " නැතුව මේ නම හොදයි කියලා කට්ටිය තීරණයකට ඇවිත්, නමෝ විත්තියෙන් අපේ
සාටර්කරණය පටන් ගත්තලු..

සාටරේ කොහොමද ?