අවුරුදු හා අපේ කට්ටිය


.


ඔන්න හා හා පුරා කියලා අළුත් අවුරුද්දත් ලැබුවලුනේ..
මේ ටිකේ අපේ අය අවුරුදු හින්දද මන්දා වැඩි සද්දයක් නෑ.. ඉතින් ඒ මොකද කියලා බලන්න අපි දෙන්නෙක් තුන්දෙනෙක් විතර පොඩි මෙව්ව එකක් කලා..
ඒ මෙව්ව එකෙන් දැනගත්ත විදියට මෙන්න මෙහෙමලු අපේ ගොඩක් අය මේ ටිකේ ඉන්නේ...


❀ කට්ටියක් කන්න තියෙනව නම් මලත් කමක් නෑ කියල අම්ම යනකන් කුස්සිය දොර පිටිපස්සේ හැංගිලාලු..
ඒ කට්ටිය ගෙවල් වල ඉදන් කැවුම් කොකිස් කෑවට කමක් නෑ.. තක්සලාවට එනකොට පාර්සල් 7 ක් 8 ක් වත් බැඳගෙන එන්න කියල ඇස්සා කියන්න කිව්ව..


❀ ඒ අස්සේ තව සමහරු කැලෙන්ඩරේ අප්‍රේල් 13 තිබ්බට මොකද තාම කොහා කෑගහනකන්ලු බලන් ඉන්නේ..


❀ සමහරුන් නම් අවුරුද්ද තියා මොක ආවත් මූණු පොතේ දවසේ පැය 32ම ඉන්නවලු දත් 24ම දාගෙන.. ( තඩීට නෙවේ කිව්වේ ඕන්.. )


❀ තව එක්කෙනෙක් මේ දවස් වල එයා ගැන හිත හිත එයා කරන ඒවට LIKE , Comments දම දම ඉන්නවලු.. තොප්පිය හරි ගිය කෙනා ( අය ) දාගන්නකො ඉතින්..


❀ අනේද කියන්නේ සමහරු ගැන නම් සෙමෙස්ටර් විභාගෙන් පස්සෙ තාම ආරංචියක් නෑ.. හැබැයි අපරාදේ දානයක් එහෙම මිස් වෙලාද දන්නේ නෑ අපිට :P


❀ ඒ අස්සේ අපේ ගුරා අවුරුදු උත්සව පැත්තේ ගිහින් තක්සලාවෙ වගේ කවන්න කෙනෙක් හොයනවා කියලයි ආරංචිය.. කෙසේ වෙතත් ගුටි නොකා ආවොත් ඒකත් ඇති..


❀ අප්‍රේල් 1 වෙනිදා තම 49 වන උපන්දිනය සැමරූ සලාන් ඉදහිට මූණුපොතෙන් මතු වෙන අතර මොකක් හරි Post එකකට රට හෙල්ලෙන Comment එකක් දමා නැවත අස්ථාන ගත වෙයි..


❀ ඒ අස්සේ අපේ කුඹලා කලින් තිබ්බ අර අගල් 5 ෆෝන් කැමරාව වෙනුවට තව අඩි 2 විතර කැමරාවක් එනකන් අහස දිහා බල බල ප්ලේන් වලට අතවනනවලු..



❀ ඇයි අපේ වීරය " G Force " කණඩායමේ නායක වරියන් තමන්ගේ කණඩායමට G අකුරෙන් පටන් ගන්න අය හොයනවලු.. උගන්ඩත් කිව්වා ඉතින් දන්න කෙනෙක් ඉන්නවා කියලා.. ඒත් එහෙම කියපු හැටි මිනිහා සද්ද නැති වෙනවනේ..


❀ ඒ අතර තව එක්කෙනෙක්ට 21 වෙනි උපන්දිනේ පහුවෙච්ච හින්දා ගෙදරින් යතුරු බාර දීලලු.. ඒ පාර කොයි එකටත් කියලා වැඩි ආරක්ෂාවටත් එක්ක ගෙදරට මුරකාරයෙකුත් රෙන්ට් එකට අරන්ලු ( රත්මලානෙ පැත්තේ හොරුත් වැඩියි නෙව.... )


❀ තව කට්ටියක් කොහෙද වනන්තරේක ට්‍රිප් එකක් ගිහින් අතරමන් වෙලා කොහොමහරි බඩගාගෙන ගෙදර ඇවිත් දැන් සද්ද නැතුව ඉන්නවලු ( මැෂීන් & පියෝට නෙවේ කිව්වේ හොදද )


❀ ඒ අස්සේ සමහර ගෑණු ළමයි කොණ්ඩ කැවුමේ කොණ්ඩේ තියාගන්න බැරුව ‍Youtube Search කරලාලු.. අයියෝ සල්ලි කියන්නේ මේ ටිකේ වැඩිම Ratings තියෙන්නෙත් ඒ Video වලටලු..


❀ දින 3ක අති දැවැන්ත කාලයක් මූණුපොතෙන් අතුරුදහන්ව සිටි මුකුළු ආයෙත් අපි අතරට ඇවිත් සිටින අතර සති ගානක් එලෙස අතුරුදන් වීසිටි ඉෂාරයා ගැන තාම වගතුවක් නැත.. ඒ ගැන අහන්න කෙනෙක් හිටියත් ඒක නම් ඕනෙම නැත.. :P


බබාලන්තෙට හරි සත්තුවත්තට හරි සම්බන්ධයක් තියෙන තක්සලාවේ කුඩු උනු කාර්ඩ් 2ක් හිමි එකම කෙනා මේ ටිකෙත් සුපුරුදු පරිදි තමන්ගේ එයාට මූණු පොතෙන් <3 යවනවලු.. අඩි දුසින් බාගයට වඩා අඟල් 3ක් වැඩි ඔහුට හාර්ට් ඇටෑක් නොහැදේවායි අපි සැම ප්‍රාර්ථනා කර සිටිමු..


❀ ඒ අතර අපේ තව කොල්ලෙක් නැකතට වැඩ අල්ලන්න කියලා හිතාගෙන Game එකක් එහෙම Install කරරන් නැකත එනකන් බලන් ඉන්නවලු.. ( මඩයා නම් තාම Game CD's හොයනවා කියලා තමයි ආරංචිය :P )


ඔව්ව මෙව්ව මොනවා උනත් මේ අවුරුද්දට අපිට සෙමෙස්ටර් 2 ක් තියෙනවා නොවැ...
ඉතින් මේ එලබෙන අවුරුද්ද ලෙක්චර් කට් නොකරන , ඇක තේරෙන , කුප්පි සපිරි සාර්ථක නව වසරක් වේවා කියලා දන්නෝ දනිති අපි ප්‍රාර්ථනා කරනවා..


ආහ් තව එකක් එලඹුනු අවුරුද්දෙත් මේ වගේම " හැමෝම දන්න මම නොදන්න " කතා රැසක් අරගෙන ආයේත් අපි හමුවෙමු.. ( අද අන්තිම දවස නෙවෙයි.... :P )

සාටරේ කොහොමද ?

14 Responses to “අවුරුදු හා අපේ කට්ටිය”

  1. IsuNira says:

    මෙතන මට හරියන තොප්පිය මොකක්ද බන්???
    මාව හැලුවා නේ??? ;)

  2. අයියෝ මාව කාලා නේද? කවුද මේක ලියපු මෝඩයා? මම කවදද හාර්ට් යැව්වේ? ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :P

  3. Pietersz says:

    elas.. oya tiyanna kattiya ganama....

  4. ms shuj says:

    O M G.... who the hell wrote this one... err...?? :@ :'((

  5. ෆට්ටයි මචං... ඔය ඔක්කොම අස්සෙ හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රර්ථනා කරනව... (ඔන්න මටනන් ගැලපෙන තොප්පියක් තිබුනෙ නැහැ හරිද :පී )

  6. මම හතර සැරයක් කියෙවුවා මට හරියන තොප්පිය හොයාගන්න.ඒත් නැහැ නේ.

  7. අසරණයා - මේ තොප්පි ටික වෙන්කරපුවා.. දැනටම ගොඩක් අය දාගෙන ඉන්නේ... ඊලග අවුරුද්දේ හොද තොප්පියක් තියන්නම් ;)

  8. @කුඹලා - මේකේ මැද හරියෙ තොප්පියක් තිබ්බ වගේ මතකයි.. ;)

  9. @ සුජන් - මේ දන්නෝ දනිති කියලා කෙනෙක්.. ඇත්තනේ කතාව වරියන් ? ;)

  10. @ මතේ - නැතුව ඉතින්... :)

  11. @ සුපුනි- සුජන් ගැන ලිව්ව කෙනාම තමයි... ආහ්.. කවදද දන්නේ නෑ හාර්ට් යැව්වේ නැත්තේ.. අදත් යවලා තියෙනවා.. :P

  12. @නිරා - එහෙමත් හලනවද.. :P හොද තොප්පියක් තියෙනවා.. දන්නවනේ මොකක්ද කියලා..

  13. thaaruu says:
    This comment has been removed by the author.
  14. ඔය දරුවට පුලුවන් අපිට ඊ මේල් පණිවිඩයක් එවන්න... එතකොට අපි ඔය දරුවගේ කතාව බලලා ඒක දාන්නම්. ඔය දරුවට කොරන්න තියෙන්නේ ඔය හිනා යන කතාව ලියලා අපිට යොමු කොරන එක විතරයි....

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..