අවුරුදු හා අපේ කට්ටිය
.
ඔන්න හා හා පුරා කියලා අළුත් අවුරුද්දත් ලැබුවලුනේ..
මේ ටිකේ අපේ අය අවුරුදු හින්දද මන්දා වැඩි සද්දයක් නෑ.. ඉතින් ඒ මොකද කියලා බලන්න අපි දෙන්නෙක් තුන්දෙනෙක් විතර පොඩි මෙව්ව එකක් කලා..
ඒ මෙව්ව එකෙන් දැනගත්ත විදියට මෙන්න මෙහෙමලු අපේ ගොඩක් අය මේ ටිකේ ඉන්නේ...
❀ කට්ටියක් කන්න තියෙනව නම් මලත් කමක් නෑ කියල අම්ම යනකන් කුස්සිය දොර පිටිපස්සේ හැංගිලාලු..
ඒ කට්ටිය ගෙවල් වල ඉදන් කැවුම් කොකිස් කෑවට කමක් නෑ.. තක්සලාවට එනකොට පාර්සල් 7 ක් 8 ක් වත් බැඳගෙන එන්න කියල ඇස්සා කියන්න කිව්ව..
❀ ඒ අස්සේ තව සමහරු කැලෙන්ඩරේ අප්‍රේල් 13 තිබ්බට මොකද තාම කොහා කෑගහනකන්ලු බලන් ඉන්නේ..
❀ සමහරුන් නම් අවුරුද්ද තියා මොක ආවත් මූණු පොතේ දවසේ පැය 32ම ඉන්නවලු දත් 24ම දාගෙන.. ( තඩීට නෙවේ කිව්වේ ඕන්.. )
❀ තව එක්කෙනෙක් මේ දවස් වල එයා ගැන හිත හිත එයා කරන ඒවට LIKE , Comments දම දම ඉන්නවලු.. තොප්පිය හරි ගිය කෙනා ( අය ) දාගන්නකො ඉතින්..
❀ අනේද කියන්නේ සමහරු ගැන නම් සෙමෙස්ටර් විභාගෙන් පස්සෙ තාම ආරංචියක් නෑ.. හැබැයි අපරාදේ දානයක් එහෙම මිස් වෙලාද දන්නේ නෑ අපිට :P
❀ ඒ අස්සේ අපේ ගුරා අවුරුදු උත්සව පැත්තේ ගිහින් තක්සලාවෙ වගේ කවන්න කෙනෙක් හොයනවා කියලයි ආරංචිය.. කෙසේ වෙතත් ගුටි නොකා ආවොත් ඒකත් ඇති..
❀ අප්‍රේල් 1 වෙනිදා තම 49 වන උපන්දිනය සැමරූ සලාන් ඉදහිට මූණුපොතෙන් මතු වෙන අතර මොකක් හරි Post එකකට රට හෙල්ලෙන Comment එකක් දමා නැවත අස්ථාන ගත වෙයි..
❀ ඒ අස්සේ අපේ කුඹලා කලින් තිබ්බ අර අගල් 5 ෆෝන් කැමරාව වෙනුවට තව අඩි 2 විතර කැමරාවක් එනකන් අහස දිහා බල බල ප්ලේන් වලට අතවනනවලු..
❀ ඇයි අපේ වීරය " G Force " කණඩායමේ නායක වරියන් තමන්ගේ කණඩායමට G අකුරෙන් පටන් ගන්න අය හොයනවලු.. උගන්ඩත් කිව්වා ඉතින් දන්න කෙනෙක් ඉන්නවා කියලා.. ඒත් එහෙම කියපු හැටි මිනිහා සද්ද නැති වෙනවනේ..
❀ ඒ අතර තව එක්කෙනෙක්ට 21 වෙනි උපන්දිනේ පහුවෙච්ච හින්දා ගෙදරින් යතුරු බාර දීලලු.. ඒ පාර කොයි එකටත් කියලා වැඩි ආරක්ෂාවටත් එක්ක ගෙදරට මුරකාරයෙකුත් රෙන්ට් එකට අරන්ලු ( රත්මලානෙ පැත්තේ හොරුත් වැඩියි නෙව.... )
❀ තව කට්ටියක් කොහෙද වනන්තරේක ට්‍රිප් එකක් ගිහින් අතරමන් වෙලා කොහොමහරි බඩගාගෙන ගෙදර ඇවිත් දැන් සද්ද නැතුව ඉන්නවලු ( මැෂීන් & පියෝට නෙවේ කිව්වේ හොදද )
❀ ඒ අස්සේ සමහර ගෑණු ළමයි කොණ්ඩ කැවුමේ කොණ්ඩේ තියාගන්න බැරුව Youtube Search කරලාලු.. අයියෝ සල්ලි කියන්නේ මේ ටිකේ වැඩිම Ratings තියෙන්නෙත් ඒ Video වලටලු..
❀ දින 3ක අති දැවැන්ත කාලයක් මූණුපොතෙන් අතුරුදහන්ව සිටි මුකුළු ආයෙත් අපි අතරට ඇවිත් සිටින අතර සති ගානක් එලෙස අතුරුදන් වීසිටි ඉෂාරයා ගැන තාම වගතුවක් නැත.. ඒ ගැන අහන්න කෙනෙක් හිටියත් ඒක නම් ඕනෙම නැත.. :P
❀ බබාලන්තෙට හරි සත්තුවත්තට හරි සම්බන්ධයක් තියෙන තක්සලාවේ කුඩු උනු කාර්ඩ් 2ක් හිමි එකම කෙනා මේ ටිකෙත් සුපුරුදු පරිදි තමන්ගේ එයාට මූණු පොතෙන් <3 යවනවලු.. අඩි දුසින් බාගයට වඩා අඟල් 3ක් වැඩි ඔහුට හාර්ට් ඇටෑක් නොහැදේවායි අපි සැම ප්‍රාර්ථනා කර සිටිමු..
❀ ඒ අතර අපේ තව කොල්ලෙක් නැකතට වැඩ අල්ලන්න කියලා හිතාගෙන Game එකක් එහෙම Install කරරන් නැකත එනකන් බලන් ඉන්නවලු.. ( මඩයා නම් තාම Game CD's හොයනවා කියලා තමයි ආරංචිය :P )
ඔව්ව මෙව්ව මොනවා උනත් මේ අවුරුද්දට අපිට සෙමෙස්ටර් 2 ක් තියෙනවා නොවැ...
ඉතින් මේ එලබෙන අවුරුද්ද ලෙක්චර් කට් නොකරන , ඇක තේරෙන , කුප්පි සපිරි සාර්ථක නව වසරක් වේවා කියලා දන්නෝ දනිති අපි ප්‍රාර්ථනා කරනවා..
ආහ් තව එකක් එලඹුනු අවුරුද්දෙත් මේ වගේම " හැමෝම දන්න මම නොදන්න " කතා රැසක් අරගෙන ආයේත් අපි හමුවෙමු.. ( අද අන්තිම දවස නෙවෙයි.... :P )
සාටරේ කොහොමද ?

මෙතන මට හරියන තොප්පිය මොකක්ද බන්???
මාව හැලුවා නේ??? ;)
අයියෝ මාව කාලා නේද? කවුද මේක ලියපු මෝඩයා? මම කවදද හාර්ට් යැව්වේ? ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් :P
elas.. oya tiyanna kattiya ganama....
O M G.... who the hell wrote this one... err...?? :@ :'((
ෆට්ටයි මචං... ඔය ඔක්කොම අස්සෙ හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රර්ථනා කරනව... (ඔන්න මටනන් ගැලපෙන තොප්පියක් තිබුනෙ නැහැ හරිද :පී )
මම හතර සැරයක් කියෙවුවා මට හරියන තොප්පිය හොයාගන්න.ඒත් නැහැ නේ.
අසරණයා - මේ තොප්පි ටික වෙන්කරපුවා.. දැනටම ගොඩක් අය දාගෙන ඉන්නේ... ඊලග අවුරුද්දේ හොද තොප්පියක් තියන්නම් ;)
@කුඹලා - මේකේ මැද හරියෙ තොප්පියක් තිබ්බ වගේ මතකයි.. ;)
@ සුජන් - මේ දන්නෝ දනිති කියලා කෙනෙක්.. ඇත්තනේ කතාව වරියන් ? ;)
@ මතේ - නැතුව ඉතින්... :)
@ සුපුනි- සුජන් ගැන ලිව්ව කෙනාම තමයි... ආහ්.. කවදද දන්නේ නෑ හාර්ට් යැව්වේ නැත්තේ.. අදත් යවලා තියෙනවා.. :P
@නිරා - එහෙමත් හලනවද.. :P හොද තොප්පියක් තියෙනවා.. දන්නවනේ මොකක්ද කියලා..
ඔය දරුවට පුලුවන් අපිට ඊ මේල් පණිවිඩයක් එවන්න... එතකොට අපි ඔය දරුවගේ කතාව බලලා ඒක දාන්නම්. ඔය දරුවට කොරන්න තියෙන්නේ ඔය හිනා යන කතාව ලියලා අපිට යොමු කොරන එක විතරයි....