කුඹලා සහ Ring වෙන කෑලි 3 Phone එක
.
පසු වදන පස්සේ කියවන්නකෝ.. හා හා පුරා කියලා උගන්ඩාත් ඔන්න පටන් ගත්තලු තවත් සාටර් කතාවක් දිගාරින්න ..
_____________________________________________________________________
ඔන්න කැම්පස් පටන් ගත්තු කාලේ අපේ බැචාලා ටිකක් බය වෙලාලු නේ හිටියේ.. අලුත් තැනක අලුත් විදියට ඉන්න අපිව ඒ දවස් වල පුරුදු කර කර තිබ්බ හින්දා ඒවට හැඩගැහෙන්න මුලදි නම් ටිකක් අමාරු වුනා..
ඇඳුම් අදින්න ඕන හැටි , ඉදගන්න ඕන හැටි, බවනේ ඉන්න ඕන හැටි මේ වගේ ගොඩක් ජාති ඒ දවස් වල ඉගෙන ගත්තලු ඉතින්..
ඒ වගේම අයියල කියලා තිබ්බේ " මල්ලිල , නංගිල උඹලගේ ෆෝන් එහෙම තියෙනවා නම් OFF කරගනිල්ල " කියලා..
ඉතින් අපි ඒ දවස් වල මේ ඔක්කොම පිලි පැදගෙන, ෆෝන් OFF කරගෙන හිටියලු.
ඔන්න මේ කතාවෙ කතා නායකයා වන අපේ කුඹලට තිබුනලු සෝනි එරික්සොන් ( Sony Ericsson ) Phone එකක්.. නිකන් එකක් නෙවේ අගල් 5 කැමරාවකුත් එක්ක කෝල් ගන්න පුළුවන් එකක්..
කොහොමහරි අපි ආපු දෙවෙනි දවසෙ උගන්ඩයි , කොබායි හිටියේ මිනිහා ලග..
ඔන්න ටික වෙලාවක් යනකොට කුඹලා දඩි බිඩි ගාලා කලබල වෙලා සාක්කුවෙන් ෆෝන් එක අරන් කෑලි 3 කට ගලවලා සාක්කු 3 ක දාගත්තලු..
ඉතින් මේක දැකල බය උනු උගන්ඩා ඇහුවලු " මොකෝ බං ඒ කලේ " කියල..
ඒ පාර කුඹලා කියනවාලු
" කවුද බන් දන්නේ OFF කරල තිබ්බත් හදිසියෙ හරි රින්ග් වුනොත් එහෙම..."
____________________________________________________________________________________
පී.එස් - හා හා පුරා කියල පටන් ගත්ත අපේ බ්ලොග්ස් එකට මුලින්ම උගන්ඩා ලිව්වලු කතාවක්.. ඒක තමයි ඉතින් මේක.. කොහෙද ඉතින් මේකේ විදියට අපේ කුඹලා එයාගේ අර අගල් ගණන් දිග ෆෝන් කැමරාවෙන් ( ෆෝන් කැමරාව කිව්වේ මිනිහා කෝල් ගන්නවට වඩා කරන්නේ ඒකෙන් අපේ අබ්ලික් පින්තූර ගන්න එක ) මැසේජ් එකක් දාල කියනවලු..
" මේ බං.. ඕක දැන්ම දාන්න එපා , මම එකක් ලියනවා ඒක දාමු .. :D " කියලා..
අන්තිම Smiley එකේ හිනාව වැඩි හින්දා මට හිතුනා රාහු කාලේද මන්දා Message එක කියෙව්වේ කියලා.. කොහොම කොහොම හරි මනඃකල්පිත කතා වැඩියෙන් කියවන අපේ කුඹලා අතින් , පයින් , තියෙන හැම එකෙන්ම දාලා සංසිප්ත කතාවක් ලිව්වලු ඕන්.. දැන් නම් හිතට පිට් ටිකක් :P
එහෙනම් ඕන් ගියා.. ආයේ තවත් අපි නොදන්න අනිත් අය දන්න සාටර් කතාවකින් එන්නම් ( එපා කිව්වත් කරන්න දෙයක් නෑ :P )
- උගන්ඩා
සාටරේ කොහොමද ?

ඔන්න එහෙනන් මඩ ගැහිල්ල පටන් ගත්තා...උඹ අහුවෙයන්කෝ.... මනඃකල්පිත සීන් වලට මගේ කිසිම සම්භන්දයක් නැහැ... බොරුනන් ඇස්සගෙන් අහල බලපන්.. :පී
දන්නෝ දනිති ගැලපෙනම නම.. නොදන්න කතා ගොඩක්..;) මරු මරු!! අපිත් එන්නම්කෝ කියවන්න..
බ්ලොග් අවකාශෙ ලොකු දුරක් යන්න ඔන්න හිතුවක්කාරිගෙනුත් සුභ පැතුම්!!!
word verification අයින් කරන්න.. එතකොට comment කරන්න එන්න ලේසියි!!
ane ane Kumbalo :P
හිතුවක්කාරිට කියන්නේ,,,,,,,,,,,,,,,,,,
ඔය සෙල්ලම් බැ මාත් එක්ක නම්,,,,,,,,,,,,,,,
ah nirata hithuvakkari ta hitha gihin vage :P :P :P
හිතුවක්කාරි... බොහොම ස්තුතියි උපදෙස් වලට... උගන්ඩ ගොඩක් දේවල් වෙනස් කරල දැනටමත්... :)
Tonks ඕක ඉතින් නොදන්න දෙයක් නෙමෙයිනෙ ;)
නිරා... හිතුවක්කාරිත් එක්ක සෙල්ලන් කරන එකනන් ටිකක් අමාරු වෙයි :පී
ඔව් අනේ,,,,,මමත් හිතුවක්කාරය්නේ,,,,
ඒ නිසා හිතුවකාරියන්ට මම ගොඩාක් කැමතිය්,,,,,:පී 22යි,,
අනේ කුම්බලො,,හිතුවක්කාරි හරි හොන්දාය්,,,