කුඹලා සහ Ring වෙන කෑලි 3 Phone එක


.





පසු වදන පස්සේ කියවන්නකෝ.. හා හා පුරා කියලා උගන්ඩාත් ඔන්න පටන් ගත්තලු තවත් සාටර් කතාවක්  දිගාරින්න ..


_____________________________________________________________________


ඔන්න කැම්පස් පටන් ගත්තු කාලේ අපේ බැචාලා ටිකක් බය වෙලාලු නේ හිටියේ.. අලුත් තැනක අලුත් විදියට ඉන්න අපිව ඒ දවස් වල පුරුදු කර කර තිබ්බ හින්දා ඒවට හැඩගැහෙන්න මුලදි නම් ටිකක් අමාරු වුනා..


ඇඳුම් අදින්න ඕන හැටි , ඉදගන්න ඕන හැටි, බවනේ ඉන්න ඕන හැටි මේ වගේ ගොඩක් ජාති ඒ දවස් වල ඉගෙන ගත්තලු ඉතින්..




ඒ වගේම අයියල කියලා තිබ්බේ " මල්ලිල , නංගිල උඹලගේ ෆෝන් එහෙම තියෙනවා නම් OFF කරගනිල්ල " කියලා..
ඉතින් අපි ඒ දවස් වල මේ ඔක්කොම පිලි පැදගෙන, ෆෝන් OFF කරගෙන හිටියලු.




ඔන්න මේ කතාවෙ කතා නායකයා වන අපේ කුඹලට තිබුනලු සෝනි එරික්සොන් ( Sony Ericsson ) Phone එකක්.. නිකන් එකක් නෙවේ අගල් 5 කැමරාවකුත් එක්ක කෝල් ගන්න පුළුවන් එකක්..




කොහොමහරි අපි ආපු දෙවෙනි දවසෙ උගන්ඩයි , කොබායි හිටියේ මිනිහා ලග..
ඔන්න ටික වෙලාවක් යනකොට කුඹලා දඩි බිඩි ගාලා කලබල වෙලා සාක්කුවෙන් ෆෝන් එක අරන් කෑලි 3 කට ගලවලා සාක්කු 3 ක දාගත්තලු..








ඉතින් මේක දැකල බය උනු උගන්ඩා ඇහුවලු " මොකෝ බං ඒ කලේ " කියල..




ඒ පාර කුඹලා කියනවාලු 

" කවුද බන් දන්නේ OFF කරල තිබ්බත් හදිසියෙ හරි රින්ග් වුනොත් එහෙම..."


____________________________________________________________________________________


පී.එස් - හා හා පුරා කියල පටන් ගත්ත අපේ බ්ලොග්ස් එකට මුලින්ම උගන්ඩා ලිව්වලු කතාවක්.. ඒක තමයි ඉතින් මේක.. කොහෙද ඉතින් මේකේ විදියට අපේ කුඹලා එයාගේ අර අගල් ගණන් දිග ෆෝන් කැමරාවෙන් ( ෆෝන් කැමරාව කිව්වේ මිනිහා කෝල් ගන්නවට වඩා කරන්නේ ඒකෙන් අපේ අබ්ලික් පින්තූර ගන්න එක )  මැසේජ් එකක් දාල කියනවලු..


" මේ බං.. ඕක දැන්ම දාන්න එපා , මම එකක් ලියනවා ඒක දාමු  ..  :D " කියලා..


අන්තිම Smiley එකේ හිනාව වැඩි හින්දා මට හිතුනා රාහු කාලේද මන්දා Message එක කියෙව්වේ කියලා.. කොහොම කොහොම හරි මනඃකල්පිත කතා වැඩියෙන් කියවන අපේ කුඹලා අතින් , පයින් , තියෙන හැම එකෙන්ම දාලා සංසිප්ත කතාවක් ලිව්වලු ඕන්.. දැන් නම් හිතට පිට් ටිකක් :P


එහෙනම් ඕන් ගියා.. ආයේ තවත් අපි නොදන්න අනිත් අය දන්න සාටර් කතාවකින් එන්නම් ( එපා කිව්වත් කරන්න දෙයක් නෑ :P ) 

- උගන්ඩා

සාටරේ කොහොමද ?

7 Responses to “කුඹලා සහ Ring වෙන කෑලි 3 Phone එක”

  1. ඔන්න එහෙනන් මඩ ගැහිල්ල පටන් ගත්තා...උඹ අහුවෙයන්කෝ.... මනඃකල්පිත සීන් වලට මගේ කිසිම සම්භන්දයක් නැහැ... බොරුනන් ඇස්සගෙන් අහල බලපන්.. :පී

  2. දන්නෝ දනිති ගැලපෙනම නම.. නොදන්න කතා ගොඩක්..;) මරු මරු!! අපිත් එන්නම්කෝ කියවන්න..

    බ්ලොග් අවකාශෙ ලොකු දුරක් යන්න ඔන්න හිතුවක්කාරිගෙනුත් සුභ පැතුම්!!!

    word verification අයින් කරන්න.. එතකොට comment කරන්න එන්න ලේසියි!!

  3. IsuNira says:

    හිතුවක්කාරිට කියන්නේ,,,,,,,,,,,,,,,,,,
    ඔය සෙල්ලම් බැ මාත් එක්ක නම්,,,,,,,,,,,,,,,

  4. thaaruu says:

    ah nirata hithuvakkari ta hitha gihin vage :P :P :P

  5. හිතුවක්කාරි... බොහොම ස්තුතියි උපදෙස් වලට... උගන්ඩ ගොඩක් දේවල් වෙනස් කරල දැනටමත්... :)
    Tonks ඕක ඉතින් නොදන්න දෙයක් නෙමෙයිනෙ ;)
    නිරා... හිතුවක්කාරිත් එක්ක සෙල්ලන් කරන එකනන් ටිකක් අමාරු වෙයි :පී

  6. IsuNira says:

    ඔව් අනේ,,,,,මමත් හිතුවක්කාරය්නේ,,,,
    ඒ නිසා හිතුවකාරියන්ට මම ගොඩාක් කැමතිය්,,,,,:පී 22යි,,
    අනේ කුම්බලො,,හිතුවක්කාරි හරි හොන්දාය්,,,

Your Reply

මේ කතාව ගැන හිතේ තියෙන මොනවාහරි දන්න විදියට ලියන්න..